රත්මලාන ගුවන් තොටුපලේ සිට යාපනය පලාලි ගුවන් තොටුපළ දක්වා ගුවන් ගමන් ඉකුත් ජූලි 01 දා සිට ආරම්භ වූ බව ගුවන්තොටුපළ බලධාරීහු පවසති.
ඒ අනුව කොළඹ සිට පැය එකයි මිනිත්තු දහයකින් පමණ යාපනයට ළඟා විය හැකි අතර මෙය සෙනසුරාදා, ඉරිදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා යන දිනවල ක්‍රියාත්මක වේ.
මෙහිදී එක් මගියෙකුට එක් ගමන් වාරයක් සඳහා රුපියල් 22000 ක මුදලක් අය කරනු ලබන අතර යෑමට හා ඒමට රුපියල් 41000 ක මුදලක් අයකරනු ලබන බව ද ගුවන්තොටුපළ බලධාරීහු පවසති. එහිදී එක් මගියෙකුට කිලෝ ග්‍රෑම් 07 පමණ බරක් ගුවන් යානයේ රැගෙන යා හැකි බව ද පැවසේ.

මගීන් දොලොස්දෙනෙකුට ගමන්කල හැකි Cessna 208 නමැති අංක දරණ ගුවන් රථය මෙම ගමනට එක්විය.
Fits Aviation / David Pieris Aviation යන සමාගම් මෙම මගී ප්‍රවාහනයට ගුවන් රථ යොදවා ඇත.
යාපනය බලා ගමන් කිරීමට බලාපොරොත්තුවන මගීන්ට අදාල ගුවන් සමාගම හා සම්බන්ධ වීමෙනි ටිකට් පත් ලබාගෙන රත්මලානනේ ගමන් ඇරඹීමටත් නැවත යාපනයේ සිට කොළඹට පැමිනීමටත් පහසුකම් ඇත.