in

මුලතිව් ගුරුකන්ද විහාරයට බුදුපිළිමයක් වැඩමවීම ගැන TNA මන්තී‍්‍රවරු කිපෙති | Gurukanda Temple

mulativ-gurukanda-temple

මුලතිව් ගුරුකන්ද විහාරබුදුපිළිමයක් වැඩමවීමටTNA මන්තී‍්‍රවරු කිපෙති 

ගුරුකන්ද මුලතිව් නායාරු  ගුරුකන්ද විහාරය දැඩි කතාබහට ලක්වූ ස්ථානයක්.එම විහාරස්ථානයේ ධාතු මන්දිරය සඳහා වැඩ සිටුවීමට බුදුපිළිමයක් රැගෙන ඒමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් ඊට දෙසැම්බර් 01 දා දැඩි විරෝධය එල්ල වී තිබේ.
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ටී.රවිහරන් මහතා කියා සිටින්නේ මේ විහාරස්ථානය සම්බන්ධයෙන් නඩු කීපයක්ම ඇති අවස්ථාවක විහාරස්ථානයට නව අංග එකතු කිරීම නීතියට පටහැනි බවයි.මේ විහාරස්ථානයට ආසන්නයේ පිහිටි නීරාවි අඩි පිල්ලයාර් කෝවිලේ සංවර්ධන කටයුතු සිදු කිරීමට ගිය අවස්ථාවේදී ඊට විහාරස්ථානයෙන් හා මුලතිව් පොලීසියෙන් බාධා එල්ල කළේද මේ නීතිමය පදනම නිසා බව පවසන රවිහරන් මන්ත‍්‍රීවරයා ඒ තත්ත්වය ගුරුකන්ද විහාරස්ථානයට අදාල නොවන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කොට සිටියි.

මුලතිව් ගුරුකන්ද විහාරස්ථානයට අයිතිවාසිකමක් නොමැති බව කියන රවිහරන් හිටපු මන්ත‍්‍රීවරයා පවසන්නේ එහි අයිතිය ඇත්තේ නීරාවි අඩි පිල්ලයාර් කෝවිලට බවයි.මෙහි අයිතිය පිළිබඳව නිගමනයක් හා තීන්දුවක් ලබා දෙන ලෙස අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම් විභාගය ආරම්භ වී ඇති බවත් එහි තීන්දුව ලබා දීම පෙබරවාරී මාසයේදී සිදුවන බවත් ඔහු පැවසීය.මේ තීන්දුව ලැබෙනතුරු ගුරුකන්ද විහාරස්ථානය තුළ හෝ ඒ භූමිය තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් කිරීම නීති විරෝධී බවද රවිහරන් මහතා කියා සිටියේය.

නමුත් ඔහුගේ මේ විරෝධය නොතකා මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය තුළ බුදු පිළිමය තැන්පත් කොට ආගමික වතාවත්ද පවත්වා ඇත.

දිනසේන රතුගමගේ
https://bit.ly/2Y9030f

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sithum Sudara’s 70 Paintings For Wall Painting [FREE Distribution]

[Sinhala] School friend arrested for sexually abusing friend’s girlfriend