මිනිසුන් මුලා කෙරූ අසාම් අමීන්
BBCයෙන් අයින්වෙයි
ජාත්‍යන්තර BBc ආයතනයේ ශ්‍රී ලංකා වාර්තාකරුවෙකු ලෙස සේවය කළ අසාම් අමීන් එම ආයතනයෙන් ඉවත්ව තිබෙනවා.ඒ තමා සම්බන්ධයෙන් වූ හඬපට සිද්ධිය හේතුවෙන් එම ආයතනයේ කීර්තිනාමයට හානියක් සිදුවූ බව සලකමින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමග සිදුකළ කතාබහක හඩපටයක් නිකුත් වීමත් සමග අසාම් අමීන් පිළිබඳ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වුණා.
එය හෙළිදරව් වීමත් සමඟ බීබීසී කොළඹ වාර්තාකරු ආරෝපණය කරගෙන සිටි ස්වාධීන බව සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ දැඩි ලෙස කතාබහට ලක්වුණා.
එම හඬ පටවල දැක්වුනේ අසාම් අමීන් පසුගිය ජනාධිපතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට සහය පළකල අයුරුයි.

කෙසේ වෙතත් අසාම් අමීන් පිළිබඳ කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයකින් තොරව සේවයෙන් නෙරපා හැරීමට BBC සිංහල සේවය කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.
BBC සේවයේ අපක්‍ෂපාතී බව කඩ කිරීමේ චෝදනාව ඔහුට එල්ලවී තිබිණි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු සහරාන්ගේ ඥාතීන් මරාදමා ඇති බවට BBC සේවය නිවේදනය කර තිබූ අතර ඔහු දිවයින පුවත්පතේ මාධ්‍යවේදීන්ටද සිය ට්විටර් අඩවියෙන් ප‍්‍රහාර එල්ල කර තිබිණි.
අසාම් අමීන්ගෙන් සිදුකල විමසීමක දී ඔහු පවසා සිටියේ, ඒ අනුව තමා තවදුරටත් බී.බී.සී ආයතනයේ සේවකයෙක් නොවන බවයි.
අසාම් අමීන් 2013 වසරේ සිට බී.බී.සී සිංහල සේවයට සම්බන්ධව කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් බී.බී.සි සිංහල ජාලයද පසුගිය සමයේ දිගින් දිගටම සිංහල බෞද්ධ විරෝධි මතවාදයක් පැතිරවීමට කටයුතු කළ අතර ඔවුන් දේශපාලනිකව ඒකපාර්ශවික බවට දිගින් දිගටම චෝදනා එල්ල විය.
අසාම් අමීන් ඉදිරියේදී එක්තරා රූපවාහිනි නාලිකාවක් සමගින් එක්වීමට නියමිත බවද වාර්තා සඳහන් කරනවා.