බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයෙදී අද දෙරණ සහ හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියාට තර්ජනය කර ඔහුගේ මොටර් රථයට අලාභ හානි කළ ප්‍රධාන සැකකරු ඇතුළු හයදෙනෙකු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
දුරස්ථභාවය ගරු කරමින් ඉස්ලාම් බැතිමතුන් රාමසාන් සමරන ආකාරය වාර්තා කිරීමට බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයට ගිය එම ප්‍රාදේශීය මාධ්‍යවේදියාට එම ප්‍රදේශයේ පිරිසක් විසින් ඊයේ (මැයි 24) උදැසන තර්ජනය කර ඔහුගේ මෝටර් රථයටද අලාභ හානි සිදුකර තිබේ.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.
අටලුගම මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති නජීඩ් හජ්ජියාර් මොහොමඩ් නජීඩ් රාමසාන් උදාවත් සමග ඉස්ලාම් භක්තිකයින් පල්ලියට නොපැමිණ නිවසේ සිට සැමරූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යෙව්දි බිමල් ශ්‍යාමන් වෙත ප්‍රකාශයක් ලබා දුන්නේය.
ඒ මාරාව මුස්ලිම් දේවස්ථානය අසළදීයි.
අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 14ක් ස්ථාපිත අතර, මාධ්‍යවේදියා අටලුගම පුංචි පල්ලියේ දර්ශන ලබාගෙන පිටත්ව යන විට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඔහුගේ මඟ මෙලෙස අවහිර කළේය.
පිරිසක් ඔහුට ඉන් පිටව යෑමට උදව් කරන අතරතුර තවත් පිරිසක් මාර්ගය තවදුරටත් අවහිර කරමින් අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුට තර්ජනය කළේය.
සිද්ධිය අතරතුර එහි පැමිණි අටලුගම මුස්ලිම් දේවස්ථාන සංගමයේ සභාපති නජීඩ් හජ්ජියාර් මොහොමඩ් නජීඩ් ඇතුළු පිරිසකගේ මැදිහත්වීම මත ප්‍රාදේශීය වාර්තාකරුට එම ස්ථානයෙන් ඉවත් වීමට අවස්ථාව උදා විය.
අනතුරුව ඔහු බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, මාර්ගය අවහිර කළ පිරිස ඔහුගේ මෝටර් රථයටද මෙලෙස හානි සිදුකර තිබුණි.
බණ්ඩාරගම පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.