in , , ,

මහින්ද රාජපක්ෂ ඉස්සර ටෙලිනාට්‍ය වල රඟපෑ හැටි [VIDEO]


mahinda-rajapaksha-teledrama
වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතීතයේදී රංගනයෙන්ද දස්කම් පෑ අයෙකි.පහල වීඩියෝ ඊට සාක්ෂි සපයාවි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලෙක ශූර නළුවෙකු ලෙස සිටිය බව දන්නේ වැඩිහිටි පරම්පරාවය. ඒ ඔහු රඟපෑ චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය විකාශය වී දැන් බොහෝ කලක් ගතව ඇති නිසාය. මහින්ද රාජපක්ෂ මහතා රඟපෑවේ එකම එක චිත‍්‍රපටයක පමණි. ඒ ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘නොමියෙන මිනිසුන්’ සිනමාපටයේය. ඊට අමතරව සැම්සන් කුමාරගේ අධ්‍යක්ෂණය කල ‘බැද්දේ සෙනෙහස’ ටෙලිනාට්‍යයේ ගමරාලගේ චරිතය රඟපෑවේද මහින්ද රාජපක්ෂ මහතාය.

එහි මහින්ද රාජපක්ෂ මහතාගේ ‘ගමරාල’ චරිතය මේ ආකාරය,
1940 දශකයේ බිංගොඩ නම් වූ කැලෑවෙන් වට වූ ගම්මානයේ ප්‍රධානියා වූ ගමරාල ගමේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කැපව සාධාරණව තම සේවය ඉටු කරමින් ජීවත් වෙයි. ඔහුට ගම්මු දක්වන්නේ මහත් ගෞරවයකි.
මෙහි ප්‍රධාන චරිතය වූ බණ්ඩා ඔහුට කුඩා කල සිට නම නියම කර තිබූ තම මාමාගේ දියණිය විවාහ කර ගැනීමට අකැමැති වෙයි. ඔහු බණ්ඩරී නම් වූ වෙනත් ගමක තරුණියක් සමග සබඳතාවක් ගොඩනඟා ගනී. එම ගමේ සිරිත් අනුව එය විශාල වරදක් කොට සලකන අතර ගම්මු මෙය ගමරාලට පැමිණිලි කරති. මෙය විභාග කොට බලන ගමරාල ආදරයෙන් බැඳුණු දෙදෙනෙක් වෙන් කිරීම පාපයක් කොට සලකා එම විවාහය අනුමත කරනු ලබයි.
මේ අතර රටේ මහත්තයා ගමට පැමිණ තමා ගමේ නවතින දින සඳහා සෑම දිනකම එක් තරුණිය බැගින් තමා වෙත එවන ලෙස ගමරාලට හා ආරච්චි මහතාට දන්වයි. ඔහු පළමු දිනම ඉල්ලා සිටින්නේ බණ්ඩාගේ පෙම්වතිය වන බණ්ඩරී නම් තරුණියයි. ඉහළ තනතුරක් බලාපොරොත්තුවෙන් සිටින ආරච්චි මහතා මෙයට එක පයින්ම කැමැති වේ. එහෙත් ගමරාල එයට තදින්ම විරුද්ධ වේ. ගමේ තරුණියගේ පැත්ත ගන්නා ගමරාල තම තනතුර ගැන හෝ නොසිතා බණ්ඩා සහ බණ්ඩරී හොර රහසේ කැලයට පිටමං කර රටේ මහත්තයාගෙන් ඔවුන් බේරා ගනී.
මහින්ද රාජපක්ෂ මහතා ගමරාලට රඟපෑ බැද්දේ සෙනෙහස ටෙලිනාට්‍යයේ කොටසක් පහතින් දැක්වෙයි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කොරෝනා වෛරස් රෝගීන් වෙනුවෙන්ම සුදානම් කරන ලද ලංකාවේ රෝහල් 12 මෙන්න

මුඛ ආවරණ සඳහා රජය යෙදූ උපරිම සිල්ලර මිල මෙන්න