in ,

මන්ද පමා ගීතය ලියූ මනුරංග විජේසේකර කිව්ව දේ

manda pama

මන්ද පමා ගීතය මේවන විට YouTube හී නැරඹුම් වාර මිලියන 6 ඉක්මවා ගොසිනි.

සරාගයේ, රම්බරී, සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ, ලබැඳියේ යන ජනප‍්‍රිය ගීත වගේම අලූතින්ම ඇහෙන ‘මන්ද පමා. ගීතයත් මේ වෙනකොට ඔබ අහල ඇති.නිකමටවත් හිතුනද මේ පද වැල් කාගෙද කියල.

ඔහු මනුරංග විජේසේකර. ඒ නිහ`ඩ රචකයා සමග අපි මේ විදිහට දොඩමළු වුණා.

මනුරංග, ‘මන්ද පමා. කොහොමද කරලියට එන්නෙ?

මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු දහයක් විතර වෙනව. මේ කාලය ඇතුළත මට ගායන ලෝකෙ හොඳ මිතුරු මිතුරියන් පිරිසක් හ`දුනා ගන්න ලැබෙනව. ඒ අය එක්ක තමයි මම ගොඩක් දුරට වැඩ කරන්නෙ. ඉතිං උමාරියා කියන්නෙත් මගේ හොඳ යෙහෙළියක්. ඇයගේ සැමියා දිමිත‍්‍රි. එයා ඉන්නෙ ප‍්‍රංශයේ. උමාරියාව බලන්න ලංකාවට ආපු වෙලාවට ගෙදර කාමරයක ස්ටුඩියෝ එකක් හදාගෙන පොඩි පොඩි වැඩ කරනව. ඔහු සංගීතය පැත්තෙන් ඉහළටම හදාරපු කෙනෙක්. දවසක් මම ගිය වෙලාවක ඔහු තනු නිර්මානය කළ ගීත කිහිපයක් පෙන්නුවා. එයින් එකකට මම පද එකතු කළා. ඒ අනුව තමයි ‘මන්ද පමා. කරලියට එන්නෙ. මේක ඇරබික් ස්ටයිල් එකට යන ගීතයක්.

උමාරියා ඔබේ මහන්සියට සාධාරණයක් කළා කියල හිතනවද?

අපෝ ඔව්. උමාරියා මම හිතුවටත් වඩා තැනකට ගීතය ගෙනාවා. ඒ වගේම රූප රචනාවට ඇය ලොකු කැපකිරීමක් කළා. මොකද උමාරියා නර්තන ශිල්පිණියක් නොවෙයි. නමුත් ඇය මේ වෙනුවෙන්ම ඒ සියලූ දේ පුහුණුවීම් කළා.

ඔබ තැනකදි කියනව මගේ ගේම් එක කාටවත් ලියාගන්න බැරි, කවුරුවත් යොදා නොගන්නා දෙයක් ගීතයක් ඇතුළට දාන එක කියල. මේ කළේ ඒ දේද?

ඇත්තටම මෙතනදි මම අරුම පුදුම දෙයක් කළේ නෑ. ඒ තනුවෙ පොඩි වෙනසක් තිබුණා. මම උත්සාහ කළේ ඒකට බද්ධ වෙන්න සහ තනුවට සාධාරණයක් කරන්න.

‘දෑසින් පෑ. සිට ඔබ අතින් ලියැවුණ බොහෝ ගීත ජනප‍්‍රිය වුණා. මොකක්ද මේ රහස?

මම හිතන්නෙ මම කරන දේ ඇතුළෙ මාව නියෝජනය කරන්න උත්සාහ නොකරන එක වෙන්න ඇති ඒකට හේතුව. මම තවම ආධුනික බවයි නිතරම මම හිතන්නෙ. ඒ ආධුනිකයා එක එක දේ කරල අත්හදාබැලීම් කරන එක තමයි මේ කරන්නෙ.

‘මන්ද පමා. මේ වන විට මිලියන හතරකටත් වැඩියෙන් නරඹලා. මේ බලාපොරොත්තු නොවුණ ජනප‍්‍රියත්වයක් කිව්වොත්?

ඇත්තටම මේ ගීතයේ තනුව අපේ අයට සෙට් වෙයිද කියල පොඩි සැකයක් තිබුණ. හරියට සරාගයේ ගීතය වගේ. නමුත් ඔවුන්ට ඒක ගැටලූවක් වෙලා නෑ. මට ඒක පුදුමයක්. ඒ වගේම ජොලියක්.

මේ ප‍්‍රතිචාරයට හේතුව ඒ හඬ ද?

ඇත්තටම උමාරියා කියන්නෙ ලංකාවේ සංගීතයේ ලොකු බලාපොරොත්තුවක්. ඇයගේ හ`ඩ සමග ගීතය දුර යන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

සරාගී බව මාර්කට් කිරීම ඔබ දකින්නෙ කොහොමද?

මෙහෙමයි… මේ ගීතය ගැන බැලූවොත් එහි ආකෘතිය තුළ ඒකට ගැලපෙන ඉදිරිපත් කිරීමක් හැරෙන්න සරාගී බව බලෙන් ඇතුළු කරන්න උත්සාහ කරලා නැහැ.

ඔබ ගීත ලියන්නේ තෝරාගත් පිරිසකට?

ඇත්තටම නැහැ. මම ගීත ලියන්නෙ මාව තෝරාගත් පිරිසකට.

ප‍්‍රවීණයන්ගෙන් ආරාධනා නෑ?

එහෙම කියන්න බැහැ. කොවිඞ් 19 කාලෙදි ‘ව`දිනවනම් ඔබේ මවුබිම දණ ගසා ඔබ ව`දින්න. යනුවෙන් ටී. එම්. ජයරන්න ශූරීන්, ශෂිකා නිසංසලා සහ දනිත් ශී‍්‍ර යන තිදෙනා එක්ව ගායනා කළ ගීතය මගේ අතින් ලියැවුණා. දැනට ලක්‍ෂ පහක් පමණ ඒ ගීතය නරඹලා තියෙනවා.

සුභාවිත ගීත කලාව මනූට ගැළපෙන්නේ නැතිද?

මෙහෙමයි… මම හරියට වතුර වගේ. දාන භාජනයේ හැඩය ගන්නවා. මගේ අතින් ලියැවෙන ගීතත් ඒ වගෙයි. තනුව ගේන කෙනාගේ හෝ මගෙන් ඉල්ලන දේ හැටියට ගීතය ලියැවෙනව. භාවිතය කොහොමද කියල තීරණය වෙන්නෙ ඒ අනුව.

ඔබේම වචනවලින් කියනවනම් ගීත රචකයා සර්ව භක්‍ෂක විය යුතුමද?

නැහැ. මට කාටවත් එහෙම බලපෑමක් කරන්න බෑ. නමුත් මගේ විදිහ ඒකයි.

ඔබේ ක්‍ෂේත‍්‍රයෙන්ම ඔබට අභියෝග ඇති?

අභියෝග කොහොම වුණත් මම හැමදෙනාටම එක දෙයක් කියන්න ඕන… මම හිට් වෙන්න සින්දු ලියන්න දන්නේ නෑ.

මෙතරම් ජනප‍්‍රිය ගීත ලියූ ඔබ ඇයි ගීත ගායනයට යොමු නොවුණෙ?

ඒකටත් උත්සාහ කළා. නමුත් එතකොටයි දැනුණෙ ගීත ගායනය මට පුළුවන් දෙයක් නෙමෙයි කියල.

ගල් මුල් එහෙමත් වදිනව ඇති?

නිකම්ම ඉන්නවට වඩා හො`ද නැද්ද ගල් මුල් මල් එන එක. හරි ජොලිනෙ.

රිදෙන්න වැදුනාම මොකද කරන්නෙ?

කලාව ඇතුළෙනම් සියල්ල කතාකරන්නෙ ලහිරුත් එක්ක තමයි. සිංගප්පූරුවේ අධ්‍යාපනය කරන කාලෙ ඉ`දන් ඔහු මගේ කාමර සගය. ඒ වගේම සහෝදරයෙක් වගේ. සුදු ගවුමෙ ඇයි මඩ ගෑවුණේ, රම්බරී, ළබැ`දියේ ගීත ලියැවුණේ එහේදි.

ඩැඞී සංගීත කණ්ඩායම එක්ක තිබුණ සම්බන්ධය?

ඇත්තටම ඩැඞී සංගීත කණ්ඩායමේ හැමෝම හොඳ යාළුවො. ලහිරු මාර්ගයෙන් තමයි මම ඔවුන්ව හ`දුනා ගන්නෙ. ක්‍ෂේත‍්‍රයේ ස්ථාවර වෙන්න ඔවුන් ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම කියන්න ඕන, සුනිල් පෙරේරා මහත්මයා අපිට ඉදිරියට එන්න ගොඩක් උදව් කළා.

දිවයින 
මහේෂ් එදිරිසිංහ 

ඔහුගේ ෆේස්බුක් පිටුව මෙතැනින්

UMARIA – MANDA PAMA | උමාරියා – මන්ද පමා (Official Music Video)

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

married woman young boy samitha mudunkotuwa

අවුරුදු 15 පිරිමි දරුවාව බරපතල ලිංගික අපයෝජනයකට ලක් කෙරූ විවාහක කත බන්ධනාගාරයට

2020 වනවිටත් සතුන් යොදාගෙන පරීක්ෂණ සිදු කරන ලොව විශාලතම රූපලාවන්‍ය සමාගම