in

බුදුන්ගේ දෙවැනි වර ලංකාගමනය සිදුවූ බක් (අප්‍රේල්)පොහොයේ වැදගත්කම

bak poya sinhala

 බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබේ.

ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අදවැනි පොහෝ දිනකයි.

චූලෝදර මහෝදර නාගගෝත්‍රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අදට යෙදී ඇති බක් පුර පසලොස්වක පොහොය දිනයේදී නිවෙස් තුළම රැදී සිට ආගමික වත්පිළිවෙත් සිදුකරන ලෙස අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මොනවා නැතත් කමක් නෑ සැලුන් අරින්න ;තරුණියකගෙන් ආයාචනයක් [VIDEO] ?

තනියෙන් ගිහින් ඩොක්ටර්ගෙන් අහන ලිංගික ගැටළු – Part 8