කොරෝනා වසංගත තත්වය හේතුකොටගෙන නීත්‍යානුකූල මත්පැන් අලෙවිය නතර කිරීමට රජය ගෙන තිබෙන තීරණය නිසා දිනකට රජයට අහිමි වන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි පහක් යැයි සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරනවා.
සුරාසල් වසා දැමීමත් සමඟම රටපුරා සිටින අති විශාල පිරිසක් මේ වන විට නීති විරෝධී කසිප්පු පානයට යොමු වී සිටින බවත් කොරෝනා වයිරසයට ගොදුරු වී මිය නොගියද කසිප්පු පානය කර රෝගාබාධවලට ලක්වන හා මරණයට පත්වන පරපුරක් රටට ඉතිරිවීමේ අවදානමක් නිර්මාණය වී තිබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති.

රජයේ වෛද්‍ය සංගමය ඇතුළු ඇතැම් වෛද්‍යවරු සුරාසල් වසා දැමිය යුතු බව කීවද කසිප්පු හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම හරහා වයිරසය රහසිගත අන්දමින් පැතිරයෑම සිදුවන බවද සුරාබදු නිලධාරීහු අවධාරණය කර සිටිති.
ශිරාන් රණසිංහ