බන්ධනාගාර හරහා සිදුවන පාතාල කි‍්‍රයාකාරකම් හා අපරාධ මෙහෙයුම් නතර කිරීමට නොහැකි බන්ධනාගාර නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා. ඒ අනුව ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාර පද්ධතිය වහාම ප‍්‍රතිසංස්කරණය විය යුතු බවයි.
බන්ධනාගාර තුළට ජංගම දුරකතන රැගෙන යාම පවා වැළැක්වීමට නොහැකි නම් එය විහිළුවක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීමේ අරමුණින් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කළා.