දැනට පෘථිවියට ආසන්නයෙන්ම ඇති කලු කුහරය සොයා ගන්නට විද්‍යාඥයන් සමත්ව සිටිනවා.
එය ආසන්න වශයෙන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1000 පමණ දුරින් පිහිටා තිබෙනවා.
තරු දෙකක ගමන් මාර්ගය ආධාරයෙන් මේ කලු කුහරය අනාවරණය කරගෙන තිබෙනවා.

මින් එක් තාරකාවක් කලු කුහරය වටා ගමන් කරන අතර අනෙක් තරුව එම යුගලය වටා ගමන් කරනවා.
සාමාන්‍යයෙන් කලු කුහරයක් පවතින බව හඳුනාගනු ලබන්නේ එහි ක්‍රියාකාරීත්වය සමග ගෑස් සහ දූවිලි අංශු වල ප්‍රතික්‍රියාවන් සමගයි. එසේ නොමැතිව කලු කුහරය සෘජුව දැක ගැනීමේ හැකියාවක් නැහැ.
ඒ අනුව බලන විට මේ නව කලු කුහරය අසාමාන්‍ය තත්වයක් ලෙස හඳුනාගත හැකියි.
එය HR 6819 නම් කර තිබෙනවා.
තාරකා ගමන් මාර්ග ඔස්සේ හෙළි කරගත් පළමු කලු කුහරය මෙය බවට විද්‍යාඥයන් මත පළ කරනවා.