කහටගස්දිගිලිය ගෝනගිරි රජමහ විහාරස්ථානය අසළ කැලෑවක පිඹුරෙකු විසින් මොනරෙකු ගොදුරු කරගන්නා අවස්තාවක් කැමරාවට හසුවිය. මෙම විහාරස්ථානයේ වැඩවසන විහාරාධිපති හිමියන්ට විහාරස්ථානයට යාබද කැලැවෙන් ඇසුන ශබ්දයක් පරීක්ශා කිරීමට යාමේදී පිඹුරෙකු මොනරෙකු ගොදුරු කරගෙන සිට් අයුරු දැක ඇත. විහාරාධිපති හිමියන් එම ස්ථානයට යන විටදිත් මොනාරා පිඹුරාගේ ග්‍රහනයට හසුවී මියගොස් සිට් බව හිමියන් පවසති.
මෙම පිඹුරා දිග අඩි 10කට වඩාදිගින් යුතු බවත් පිඹුරා ගොදුරු කරගන්නා ලද මොනරාද තරමක් විශාල මොනරෙකු බව හිමියන් පවසති. මෙම පිඹුරා පැය කිහිපයක් වෙහෙස දරා මෙම මොනරා ගිලදමා නැවතත් කැලෑවතුලට වැදුනු බව විහාරාධිපති පඤ්ඤාලෝක හිමියන් පැවැසූහ.
සිඩ්නි රුවන් උබේපාල – හොරොව්පොතාන
