
පාකිස්ථානයේ ‘ජිර්ගා’ ලෙස හදුන්වනු ලබන ගෝත්‍රික කවුන්සිලයේ වැඩිහිටියන් විසින්, සංචාරක ස්ථානවලට කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එරට රජය එම තීරණය ක්‍රියාත්මක නොකරන්නේ නම් එය ක්‍රියාත්මක කිරීම තමන්ම භාර ගන්නා බවයි ඔවුන් පවසා ඇත්තේ.
පාලක සභාගයේ එක් සාමාජික පක්ෂයක් වන ජමියට් උලමා-ඉ-ඉස්ලාම්-ෆාස්ල් (JUI-F) විසින් කඳුකර දන්කුල් ප්‍රදේශයේ සියලුම පිරිමින්ගෙන් යුත් ජිර්ගා කවුන්සිලයක් සංවිධානය කර තිබූ බවත් එහිදී මෙම තීරණය ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

JUI-F දිස්ත්‍රික් ප්‍රධානී සහ කාර් ටෙසිල් කවුන්සිලයේ සභාපති මවුලානා අබ්දුර් රෂීඩ් පැවසුවේ ජිර්ගා පිහිටුවන ලද්දේ ඊද් සමයේදී මතු වූ කලාපයේ ගැටළු සාමකාමීව හා සුහදව සාකච්ඡා කර විසඳීමට බවයි.
රැස්වීම අතරතුර, දේශීය කාන්තාවන් කිහිප දෙනෙකු තම ස්වාමිපුරුෂයන් හෝ වෙනත් ඥාතීන් සමඟ සංගීත ප්‍රසංග සහ බෝට්ටු සවාරි සඳහා ඊද් නිවාඩු දිනවල විවිධ සංචාරක හා විනෝද චාරිකා සඳහා ගිය බව පැවසූ කථිකයන් එය ඉස්ලාම් මත පදනම් වූ දේශීය සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ට පටහැනි බව සඳහන් කළා.
ඒ අනුව සංචාරක සහ විනෝද චාරිකා සඳහා කාන්තාවන්ට ඇතුළුවීම සීමා කිරීමේ තීරණය නිවේදනය කරනු ලැබ ඇති අතර එය ජිර්ගා හි “ඒකාබද්ධ ප්‍රකාශයක්” ලෙස හඳුන්වා තිබෙනවා.
මේ අතර ලෝක ආර්ථික සංසදය විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද ගෝලීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පිළිබද පරතර වාර්තාවට (Global Gender Gap Report) පාකිස්ථානය ද ශ්‍රේණිගත කර තිබුණා.