in , ,

පරිශීලකයන්ගේ බැංකු දත්ත සමාජ මාධ්‍ය හරහා ලබාගැනීමේ වංචාවක් ගැන අනාවරණයක්

social-media-sri-lanka
පරිශීලකයන්ගේ බැංකු දත්ත  
සමාජ මාධ්‍ය හරහා ලබාගැනීමේ
වංචාවක් ගැන අනාවරණයක්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.ඒ අනුව එම සංගමය සඳහන් කරන්නේ මෙවැනි වංචාවන්වල වැඩිවීමක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇති බවයි.
එවැනි වංචා රැසක් අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වැනි ක්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුල සිදුවන බව අනාවරණ වී ඇති අතර මෙම  මූල්‍ය වංචා මෙහෙයවනු ලබන පුද්ගලයන් තම බැංකු ගිණුමට හෝ වෙනත් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දුවූ සේවාව ලබාදීම මගහරින බව හෙළිවී තිබෙනවා.

මේ අතර පහසු ණය යෝජනා ක්‍රම ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා  පරිශීලකයන්ගේ බැංකු දත්ත ලබාගැනීමට කටයුතු කරන බවක් ද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන්වා. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය තුලින් හෝ අන්තර්ජාලය හරහා මෙම සේවා ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ  විශේෂ අවධානයක් ලබාදෙන ලෙසයි එම සංගමය පෙන්වා දෙන්නේ.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ආසියාවෙන් පිටත පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන් වාර්තා වෙයි

ජීවිකාව ගෙන යෑමට ගණිකා වෘත්තිය ප්‍රශ්නයක් නෑ. -කොළඹ කොටුව මහේස්ත්‍රාත්