in , , ,

නෙල්ලිගල,කූරගල හැදු හිමියෝ දෙවනගල සංවර්ධනයට අතතබති

 වාම දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික දෙවනගල පුදබිම සංරක්ෂණය කොට  සංවර්ධන කිරීමට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ විහාරය නිර්මාතෘ සහ ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් දෙවනගල පුදබිමේ පසුගිදා නිරික්ෂණ චාරිකාවකට එක් විය.

රත්නපුර මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායක, යටිහලගල රජමහ විහාරාධිකාරි නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ඓතිහාසික කූරගල රජමහ විහාරාධිපති, අස්ගිරි මහා විහාරායීය කර්මාෙචාර්ය, වතුරකූඹුරේ ධම්මරත්න ස්වාමින්ද්‍රයන් වහන්සේ ඓතිහාසික දෙවනගල පුදබිම වෙත වැඩම කරන ලද්දේ කාලයක් තිස්සේ මෙම පුදබිම විනාශ විම හා මේ වන විට එහි භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්ට විවිධ පිරිස් විසින් එල්ලවන තර්ජනයන් සහ මුදිත විද්‍යුත් මාධ්‍ය මගින් මේ පුදබිම ආරක්ෂා කර ගත යුතු බව දිගෙන් දිගටම සිදු කරන ලද අනාරවරණය කිරීම් වල ප‍්‍රතිඵලයක් අනුවයි.

ගැටලු රාශියක් පැවැති ඓතිහාසික කූරගල රජමහ විහාරස්ථානය කෙටි කාලයකදි සංවර්ධනය කර එහි ඓතිහාසිකවත්ව ආරක්ෂා කර මතු පරපුරට උරුම කර දුන් වතුරකූඹුරේ ධම්මරත්න නායක හිමියන් දෙවනගල පුදබිම වෙත වැඩම කර දැනට එහි සිදු කරමින් යන අනවසර ඉදිකිරීම් දෙවනගල පුදබිමේ පිවිසුමේ පවතින ගැටලු මෙන්ම විනාශ වෙමින් පවතින සෙල් ලිපි පුරාවස්තු දැනට අන්තවාදි පිරිස් විසින් විනාශ කරන ලද ස්ථාන මෙන්ම බොහෝ කරුණු කාරණා උන්වහන්සේගේ නිරික්ෂණයට භාජනය වු බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මාධ්‍ය වෙත පැවසීය.

dewanagala

devanagala

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

gnanasara thero

ඥානසාර හිමියන්ගේ “එක රටක් එක නීතියක්” වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ජනපති රනිල් අරඹයි

අවු 17 ක් ගියත් ශිහාන්ට අඩු නොවුණු ප්‍රේක්ෂක ආදරේ මෙන්න [VIDEO]