in ,

නිහාල් නෙල්සන් දිවි ගමන නිම කරයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (13) උදෑසන මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළහ.
මිය යන විට නිහාල් නෙල්සන් මහතා 76 වන වියෙහි පසු වුණි.
1946 වර්ෂයේදී උපත ලද නිහාල් නෙල්සන් මහතා මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ගායන ශිල්පියෙකු මෙන්ම ගී පද රචකයෙකු සහ ගී තනු නිර්මාණකරුවෙකු ලෙසද කටයුතු කළේය.
ශ්‍රී ලාංකික ගායන ශිල්පියෙකු විසින් පටිගත කරන ලද වැඩිම ගීත ඇල්බම සංඛ්‍යාව සඳහා වන වාර්තාවටද හිමිකම් කියන නිහාල් නෙල්සන් මහතා ගීත ඇල්බම 113ක් නිර්මාණය කර තිබේ.
ලස්සනට පිපුණු වන මල්, ගුණේ අයියාගේ කාමරේ, රෝස මලකුයි නෙළුම් මලකුයි, කිරි දුන්නේ දරුවන්ටයි, කරුණා සුවඳ, සොමියට වරෙන්, එපා එපා මස් කන්නට, කින්කිනි හඩට, පන්සල පල්ලිය, සල්ලි මිටි ගණන්, අම්මා නැති කලේ, රන්වන් රන් කරල් දිලෙන සහ බයිලා වෙන්දේසිය අරං ආවා ඇතුළු ගීත නිර්මාණ ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයට දායක කර තිබේ.
දේහය අංක 17, නිහාල් නෙල්සන් මාවත, රාවතාවත්ත ලිපිනයෙහි පිහිටි නිවසේ අද පස්වරුවේ සිට තැන්පත් කෙරෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ගාල්ල මුස්ලිම් ජාතික පාසලේ ළමුන් කූරගල බලන්න ඇවිත්

‘ගාලු පාරේ’ ; අවුරුදු 6ක් තිස්සේ එළියට දාන්න සූදානම් වෙච්ච සුනිල් පෙරේරාගේ අන්තිම සින්දුව! සුනිල් නැතිවුණාට පස්සේ එළියට එයි! (VIDEO)