නිවස අතහැර නොයන කටුනායක නීල කොඛෙයි පැටියා ශ්‍රි පාද වන්දනාවේ ගිය හැටි
කුඩා නීල කොඛෙයි පැටියෙකු තම දරුවෙකු මෙන් හදාවඩා ගන්නා කාන්තාවක් එම පක්ෂියාව ශ්‍රි පාද වන්දනාවේ රැගෙන තිබෙනවා.අජන්තා ගමගේ නම් වූ ඇය කටුනායක ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.ඇය පවුලේ සමාජිකයන් සහ හිතවතුන් පිරිසක් සමඟ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ සිටි අතර,සිය උරහිස මත නීල කොඛෙයියෙකු කිසිදු බියක් සැකක් නොමැතිව සිටින අයුරු ශ්‍රි පාද වන්දනාවේ පැමිණි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
ඒ මහත්මිය පැවසුවේ මිට මාස 8 පමණ කලින් මෙම පක්ෂියා වාහනයක් මත වැටි සිට තමන්ට හමුවූ බවයි.ඉන් අනතුරුව පශු වෛද්‍යවරයෙකු මගින් මෙම පක්ෂියාට ප්‍රතිකාර කර තිඛෙනවා.දින කිහිපයකින් පසු මෙම පක්ෂියා සුවය ලැබු බවත් ඉන්පසු පක්ෂියාව මුදා හැරියද නීල කොඛෙයියා තමන්ව හෝ පවුලේ සමාජිකයන්ව අත හැර නොයා නිවසේම රැදි සිටින බවයි ඇය අප සමඟ කියා සිටියේ.තම පවුලේ සමාජිකයන් ගමන් බිමන් යන සැම අවස්ථාවකම නීල කොඛෙයියාද තමන් සමග පැමිණෙන බවත්,මීට ප්‍රථම නුවරඑලිය සහ මාතලේ වැනි ප්‍රදේශවලද නීල කොඛෙයියා රැගෙන ගොස් තිඛෙන බවත් ඇය පවසනවා.වීඩියෝව පහලින් බලන්න