in , ,

නව කොරෝනා හෙවත් COVID-19 ලෝකය පුරා පැතිර යා හැකියි -WHO අනතුරු අඟවයි

covid-19-sinhala

නව කොරෝනා හෙවත් COVID-19ලෝකය පුරා පැතිර යා හැකියි-WHO අනතුරු අඟවයි

COVID-19 හෙවත් කොරෝනා වෛරසය වසංගතයක් දක්වා ලෝකය පුරා පැතිර යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. චීනයෙන් පිටත වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යාම
සම්බන්ධයෙන් එම සංවිධාන දැඩි අවධානය යොමුකර තිබෙනවා. චීනයෙන් පිටත COVID-19 වෛරසය ශීඝ්‍රයෙන්ම පැතිර යන රට ලෙස හඳුනාගෙන ඇත්තේ දකුණු කොරියාවයි. දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපොළේදී වෛද්‍ය පරික්‍ෂාවකට ලක් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසනවා.

දකුණු කොරියාවේ මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 833 ක්. ආසාදිතයන් 8 දෙනෙකු මිය ගොස් ඇති අතර නගර රැසක් වසා දමා තිබෙනවා.

කොරෝනා වෛරසයේ නවතම ගණනය කිරීම් මෙතැනින් බලන්න

 

ජපාන නෞකාවේ සිටින දකුණු කොරියා ජනතාව ඉවත් කර ගැනීම සඳහා එරට ජනාධිපති නිල ගුවන්යානය යොදවා ඇති බව සඳහන්. එම නෞකාවේ දකුණු කොරියා මගීන් 09 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 05 දෙනෙකු රැඳී සිටිනවා.

යුරෝපයෙන් වාර්තා වූ ඉහළම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඉතාලියෙන් හමුවුණා. එම සංඛ්‍යාව 185 ක්. එරට පුද්ගලයන් 3 දෙනෙකු වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වි ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් පාසල් රැසක් වසා දැමීමටද පියවර ගැනුණා. වැනීසියේ සැණකෙලි කිහිපයක් ද නවත්වා තිබෙනවා.

චීනයෙන් පිටත COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ ඉරානයෙනුයි. වෛරසය ආසාදිත සංඛ්‍යාව 61 ක් වන අතර 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ටෙහෙරාන් ඇතුලු නගර රැසක පාසල් හෙට දිනය තෙක් වසා දැමීමටයි පියවර ගැනුණේ. ඉරාකය , පාකිස්තානය , ආමේනියාව , තුර්කිය යන රටවල් ඉරානයට සම්බන්ධ දේශසීමා වසා දැමිමටත් ගුවන් ගමන් නතර කිරීමටත් කටයුතු කර තිබෙනවා. ඇෆ්ගනිස්ථානය ද ඉරානය සමඟ සියලු ගුවන් ගමන් නතර කිරීමට පියවර ගත්තා.

උතුරු කොරියාවෙන් කිසිඳු ආසාදිතයෙකු හමු නොවූවත් එරටට පැමිණෙන සියලු විදේශිකයන් මාසයක කාලයක් නිරෝධායන කටයුතු සිදු කළ යුතු බවට අනිවාර්යය කර තිබෙනවා. වෛරසය හේතුවෙන් චීනයේ වූහාන් ප්‍රාන්තයේ රෝහලක සේවය කළ 29 හැවිරිදි වෛද්‍යවරයකු මිය ගියා. වෛසරයට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය පෙබරවාරි 01 වනදාට යෙදී තිබූ ඔහුගේ විවාහ මංගල උත්සවය ද කල් දමා තිබුණා. චීනයේ වෛරසය ආසාදිතයින් 24,944 ක් සුවය ලබා පිටත්ව ගොස් ඇති බව සඳහන්. එරට වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 79,434 ක්. පුද්ගලයින් 2,500 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්ථානය , ඉරාකය , කුවේට් සහ බහරේනයෙන් පළමු COVID-19 ආසාදිතයන් වාර්තා වුණා. බහරේනයෙන් එක් ආසාදිතයෙකු හා කුවෙට් රාජ්‍යයෙන් 3 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් ඉරානයේ සංචාරය කළ පුද්ගලයන්.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රාජ්‍ය අනුග්‍රහයෙන් තල් අයිස්ක්‍රීම් වෙළෙඳපොළට

රථවාහන තදබදය අඩුකරන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලීසියේ සහාය