in ,

දෙහිවල සම්පත් බැංකුවේ යකා නැටූ දෙන්නා ගැන නොදැන කඩේ යන්නන්ට බැංකුව දුන්නු නිවේදනේ මෙන්න

sampath bank

දෙහිවල පිහිටි සම්පත් බැංකුවේ ශාඛාවට ඇතුළුවීමට යාමයේ දී ඇති වූ ගැටලුවක් සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ ජාල තුල හුවමාරු වෙමින් තිබේ.(වීඩියෝව පහලින් බැලිය හැක.)

අදාළ සිදුවීමට අනුව එම කාන්තාව බැංකුවට ඇතුළු වීමට උත්සහ දරා ඇත්තේ ආරක්‍ෂිත මුව ආවරණයක් නොමැතිව තම ඉස්ලාමිය ඇඳුම උපයෝගී කරගෙන මුව ආවරණය කරමිනුයි.
සාමාන්‍ය කෙනකු වුවද බැංකු වෙත ඇතුල් වීමේදී හිස් වැසුම්,හෙල්මට් යනාදීය ඉවත් කල යුතු අතර එහි ආරක්ෂක නිලධාරියා විසින් ඇයගේ රෙදි කඩ ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.ඊට උරණ වූ එම කාන්තාව ජංගම දුරකතනයෙන් රත්මලාන ප්‍රදේශයේ සිට තවත් පිරිමි පුද්ගලයෙකුව එම ස්ථානයට ගෙන්වා ගෙන ඇත.එම පුද්ගලයාද පසුව ආරක්ෂක නිලධාරීන් වෙත දැඩි ස්වරයෙන් මත ගැටුමක් සිදු කරනු ලබයි.(එම පුද්ගලයා ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සාමාජිකයෙකු ලෙසින් වාර්තා වන බව ColomboToday.com වෙබ් අඩවිය පවසයි ) 

කෙසේ වෙතත් මෙම කාන්තාව සමග පැමිණි ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සාමාජිකයා, කාන්තාව මුහුණ වසාගෙන සිටි බුර්කාවේ ඉදිරිපස කොටස පමණක් ගලවා ඉවත්කර තවත්පුද්ගලයෙකුට වීඩියෝ කරන ලෙස දන්වා නාටකය රඟ දක්වා ඇත.

එහිදී බුර්කාවේ මුහුණ වැසෙන කොටස මාස්ක් (Mask) එකක් ලෙස හැඳින්වීමට අදාළ පුද්ගලයා කටයුතු කල ද එවැනි කළු රෙදි කැබැල්ලක් සෞක්‍යාරක්ෂිත මාස්ක් (Mask) එකක් වන්නේ නැත. එම රෙදි කැබැල්ලෙන් ආශ්වාස ප්‍රශ්වාසයේදී, කැස්ස ඇතිවන අවස්ථාවල කෙල අංශු වාතයට මුසුවීම සිදුවේ.

පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමේදී දෙකන් පැහැදිලිව පෙනෙන සේ තබා ගැනීම සම්මතය වුවද මෙම බුර්කාව හැඳ සිටි කාන්තාවගේ දෙකන් පෙනෙන්නේ ද නැත.

පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් වැනි කෙටි කාලයක් ගතවෙද්දී බහුතරයකට එය අමතකව ඇති මොහොතක තම බැංකුවෙන් සේවය ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දෙහිවල සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය අනුගමනය කල ආරක්ෂක ක්‍රමවේදය සෑම සියලු දෙනා අගය කල යුතුය. ගනුදෙනු සඳහා සම්පත් බැංකුව ඉතා ආරක්‍ෂිත ස්ථානයක් බවට නැවත වතාවක් සමාජය හමුවේ තහවුරු කිරීමට ඔවුන් සමත් වී ඇත.

මේ සම්බන්ධයෙන් සම්පත් බැංකුව නිල නිවේදනයක් සිදු කර ඇති අතර ,එම නිවේදනය පහලින් බලන්න.

sampathbank-dehiwala announcementරත්මලානේ සිට පැමිණි පිරිමි පුද්ගලයා 

dehiwala-sampath-bank

මේ අතර සම්පත් බැංකුව සමග සමීප ව්‍යාපාරික සබදකම් ඇති ප්‍රකට ව්‍යාපාරිකයකු නිමල් පෙරේරා මහතා තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත්තේ සම්පත් බැංකුව පිහිටුවා ඇත්තේ සිංහල බෞද්ධයන්ට සේවය කිරීමට බවයි. සත්‍ය එය බවත් එමගින් තමන් ජාතිවාදියෙකු ලෙස නොසලකන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

nimal-perera-sampath-bank

ශ්‍රී ලංකා ජමියතුල් උලමා සංවිධානය කාන්තාවකගේ ඇඳුම සම්බන්ධයෙන් නිකුත් කර ඇති “ෆත්වා”ව.

වහබ්වාදයට අනුව කාන්තාවන් සම්පුර්ණයෙන් මුහුණ වැසිය යුතු බවත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් වියතුන් යැයි කියා ගන්නා ශ්‍රී ලංකා ජමයතුල් උලමා සංවිධානය සම්පුර්ණයෙන්ම කාන්තාවන් ගේ ශරීරය වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු බවට “ෆත්වා” නිකුත් කර ඇති බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ දී විශේෂ හෙළිදරව්වක් කර සිටියා.

උලමා සභාව විසින් නිකුත් කර ඇති “ෆත්වා” ව තවමත් www.acju.lk වෙබ් අඩවියේ පළකර තිබෙන අතර
(link here)මෙම හෙළිදරව්වෙන් පසුව එය බොහෝ දුරට ඉවත් කිරීමට හැකියාව ඇත. මීට ඉහතදී උලමා සංවිධානය බොහෝ තොරතුරු එලෙස ඉවත් කර ඇත.

කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ එම “ෆත්වා” ව සලකුණු කිරීමට සභාපති විනිසුරු තුමා නියෝග කරන ලදි.

උලමා සංවිධානය වෙබ් අඩවියේ පළකර ඇති එම “ෆත්වා” පහලින්

acju-fatwa-sampath-bank

අදාල වීඩියෝව පහලින් 

“සම්පත් බැංකුවේ චෙක්පත් භාරගනු නොලැබේ” ලෙස සඳහන් කරමින් ඇතැම් ව්‍යාපාරික ස්ථාන තුල සටහන් දමා ඇත.

sampath-bank-cheque-ban

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සංසරණය වූ සටහනක් පහතින් අප ඔබට දන්වන්නෙමු.fb link HERE

හැකි තරම් මේ පණිවිඩය බෙදාගැනීමට කාරුණික වෙන්න.?

සම-හරක් නියෝ?ලිබරල් (ඉස්ලාම් සහ නිරාගමික) අන්තවාදීන් සම්පත් බැංකුවට එරෙහිව ගෙනයන රැල්ලට එරෙහිව මේ මොහොතේ සම්පත් බැංකුව වෙනුවෙන් අපිට කල හැකි දේ.

1. මෙතෙක් කාලයක් සම්පත් ගිණුමක් නොතිබුනේ නම්, හැකි ඉක්මනින් සම්පත් බැංකුවේ ගිණුමක් විවෘත කරමු.
මේ හරහා, බැංකුවට නව මුදල් ගලා ඒම වර්ධනය වී, අස්ථාවර වීම වැලක්වී ස්ථාවර වීම තහවුරු වනු ඇත. සම්පත්-විශ්ව www.sampathvishwa.com යනු අන්තර්ජාල බැංකු කරණයේ හොදම යෙදවුමයි.(මෙහි ගිණුමක් සැදීමට නම් ලඟම පිහිටි සම්පත් බැංකු ශාඛාවකට යා යුතුය.)

2. හදිස්සි හෝ අත්‍යවශ්‍ය නොවෙන මුදලක් ඔබේ ඉතිරි කිරීමේ ගිනුමක තිබේ නම්, නොපමාව එය අවමයෙන් මාසයක් (හෝ සයමාසික හෝ වාර්ෂික) සදහා හෝ සම්පත් ස්ථාවර තැන්පතුවකට(Fixed Deposit) පරිවර්ථනය කරන්න කාරුණික වෙමු.
මේ හරහා, බැංකුවට ඔබේ ඉතුරුම් මුදල් ඒ නිශ්චිත කාලයට අදාලව ආයෝජන හැකියාව සහ අවස්ථාවන් පුළුල් කර දෙනු ඇත. එය බැංකුවට මෙන්ම ඔබට සාමාන්‍ය ගිණුමකින් ඔබ්බට රුජු අමතර වාසියකි. නව ස්ථාවර ගිණුම් විවුර්ත කිරීම අනතර්ජාල සම්පත්-විශ්ව යෙදවුම හරහා ඉතා පහසුවෙන් සිදුකල හැක.

3. විදේශගත ඔබ එහි විදේශ මුදල් (NRFC) ගිණුමක් විවෘත කර ඔබේ සහය ලබා දිය හැක.
මේ හරහා, සම්පත් බැංකුවේ විදේශ මුදල් සංචිත ඉහල යනු ලබන අතර බැංකුවේ ආයෝජන ශක්‍යතාවය, සහ ස්තාවරයන්ට අදාලව දේශීය සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමද ඉහල යාමට රුජුව දායකවේ. වැඩි විස්තර සදහා www.sampath.lk/en/personal/foreign-currency-accounts යොමුවට පිවිසෙන්න කාරුණික වෙන්න.

4. “සම්පත් බැංකු චෙක්පත් බාරගනු නොලැබේ” පන්නයේ දැන්වීම් සදහා ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ අනුග්‍රහ කරන වෙළඳ ආයතන සහ දේශපාලකයන් වර්ජනය කරමු.
ඒ හරහා, මිට අදාළ නියෝ?ලිබරල් (ඉස්ලාම් සහ නිරාගමික) අන්තවාදී වෙළඳාමේ සහ දේශපාලනයේ ආර්ථික සහ දේශපාලන හැකියාවන් කෘෂ කිරීමට අවස්ථාව උදාවේ.

5. මීට අමතරව, බැංකුව පාර්ශවයෙන් පාර්භෝගික සේවා සුහදතාවය ප්‍රවර්ධනයට වැඩපිළිවලක් සහ පන්සල් හරහා නව සුළු ව්‍යවසායකයන් හදුනාගෙන ඔවුන් ඔසවා තැබීමට ණය යෝජනා ක්‍රම පුළුල් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ මුල්‍ය විනය ඉහල නැංවීමට වැඩසටහන් දියත් කරන්න.
මේ හරහා, පාර්භෝගිකයන් ඉවත්වීම (customer churn), මන්දෝත්සාහි වීම වැළකේ සහ බැංකුවේ සමාරම්භක පරමාර්ථය වූ දේශීය ව්‍යවසක පදනම සහ ඔවුන්ගේ ශක්‍යතාවයන් වර්ධනය වනු ඇත.

“මවිබිමේ උරැම කරුවන්ගෙ බැංකුව” වෙනුවෙන් මේ මොහොතේ අපිට කල හැකි උපරිමය එයයි.

?????
“සිංහලයනි සමගිවවූ. සිංහලයේ සමගිය ජාතික සමගියේ පදනම වේ.”
සිංහලයේ අවසාන සංඝ නායක අතිගරු පුජනිය මඩිහේ පඥාසීහ මහා නායක හිමිගේ පණිවිඩයකි?. උන්වහන්සේ සම්පත් බැංකු සංකල්පයේ සමාරම්භකයා වෙයි.

#ProtectSampathBank

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

බඩු ගන්න කාර් එකෙන් සුපර්මාකට් එක ඇතුලටම ගිහින් [Photos]

ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ එකක් එංගලන්තයේ පල්ලියක කරන්න හැදූ ඉස්ලාම් වැළඳගත් කත අත්අඩංගුවට