රණවිරු සුනිල් රත්නායකට ජනපති සමාව ලබා දීම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කිරීම මගින් මාර්තු 26 එම රණවිරුවා නිවසට පැමිණ තිබුණා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් යුදහමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක විරුවාට මාර්තු 26 නිදහස ලබා දීම දැඩි කනගාටුවට කරුණක් බවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසා තිබෙනවා.

යාපනයේදී මාධ්‍යවේදින් පිරිසක් හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කොට ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,
‘සුනිල් රත්නායක යුද හමුදා සෙබලා වැරදිකරු වශයෙන් අධිකරණයෙන් නියම වී ඇති අවස්ථාවක ඔහුට ජනාධිපති සමාව දීම දැඩි භයානක තත්ත්වයක් බවටය. එමෙන්ම කොරෝනා අවදානම අතරතුර එය හේතුවක් කොට ගෙන එම යුද හමුදා සෙබලා නිදහස් කරේනම් එයද පිළිගත නොහැකි බවටත් ජාත්‍යන්තරයම මේ දෙස අවධානය යොමු කල යුතු බවටද පැවසීය.
ජාත්‍යන්තරයේ විරෝධතාවක පවතින අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙසින් අධිකරණය අත්තනෝමතිකව භාවිතා කිරීම භයානක තත්ත්වයක් බවත් ඊට එහා යුද සමයේදී සුලු වැරදි වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් තවමත් සිරගතව සිටීම දැඩි අසාධාරණයක් බවටද මාවෙයි සේනාධිරාජා වැඩිදුරටත් පැවසීය.
එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයට එරෙහිව සිදු කළ මෙහෙයුම් වලදී විශේෂ දක්ෂතා දැක්වූ සුනිල් රත්නායක රණවිරුවාට මෙලෙස යාපනය – මිරුසුවිල් යුධ හමුදා කදවුර ආසන්නයේදී දෙමළ වැසියන් 8දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ඔහුට මරණ දඩුවම නියම කළේ 2015 ජුනි මස 25 වනදායි.
සිය රට වෙනුවෙන් සේවය කළ රණවිරුවන්ට විවිධ චෝදනා එල්ල වූ විට ඔවුන් රැක ගැනීම බොහෝ දියුණු රටවල් කලක පටන් රැකගෙන එන සම්ප්‍රදායක් වීම විශේෂත්වයකි.
මෙම මිරුසුවිල් සිදුවීම සම්බන්ධයෙන් විකීපීඩියා වෙබ් පිටුවට ව්‍යාජ තොරතුරු ඇතුලත් කර තිබුනද ,අදාල සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල දැක්වූ නිසි පිළිතුරක් පහතින් අප ඔබට ගෙන එන්නෙමු.
උපුටා ගැනීම – එල්ටී ටී ඊ ත්‍රස්තවාදීන් නොනවතින රැල්ල මෙහෙයුම හරහා අලිමංකඩ කඳවුර වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ලකර එය අත්පත් කරගන්නේ 2000 වසරේ මැයි මාසයේදීය.
එය හමුදාව විසින් දරුණු සටනකින් පසු සරසාලෙයි ප්‍රදේශයේදී ආපසු හරවනු ලැබන විට 2000 වසරේ ජුනි මාසයේ මැද හරියේදීය නැති වූ ප්‍රදේශ අල්ලා ගැනීම සඳහා හමුදාව විසින් අග්ණිකීල මෙහෙයුම අරඹනු ලැඹූයේ එම වසරේ සැප්තැම් මාසයේදී වන අතර මුහමලේ ප්‍රදේශයේදී මෙහෙයුම අත්හිටවූයේ ඔක්තොම්බර් මස මුලදීය.
ඉන්පසු කාලයක් යනතුරු දෙපිරිස අතර නිශ්චිත ප්‍රදේශ බෙදීමක් නොතිබූ අතර අතර මැදි ප්‍රදේශයේ විටින් විට ගැටුම් ඇතිවිය.
සති කිහිපයකට පෙර දහස් ගණන් මිය ගිය යුධ බිමක සිවිල් වැසියන් දර කැඩීමට ගිය බව කීම විහිලු කතාවක් නොවේද?
මෙම ඝාතන සිදුවීමට අදාලව චන්ද්‍රිකා ජනාධිපතිනියට ලිපියක් මගින් දැනුවත් කරේ පසු කලෙක එල් ටී ටී ඊ සංවිධානය වෙනුවෙන් එලිපිටම පෙනීසිටි මාවෙයි සේනාධිරාජා මංත්‍රීවරයාය. මෙම සිද්ධිය පිලිබඳ මරණ පරීක්ශණය පවත්වනු ලැබුඉයේ පසු කලෙක අවසන් යුධ සමයේ පුදුමාතල් වල එල් ටී ටී ඊ ය හා රැඳී සිටිමින් හමුදාවට සන්හාරක චෝදනා එල්ල කල වෛද්‍ය දෙපලෙන් එකෙකුවූ කදිරව්ට්ටිපිල්ලෙයි විසිනි
සිද්ධියේ එකම ඇසින්දුටු සාක්කි කාරයාවන පොන්න දුරේ මජේශ්වරන් ඉන්පෙර කීප වතාවක්ම එල් ටී ටී ඊ චෝදනා මත හමුදා ප්‍රශ්ණ කිරීම්වලට ලක්වූ අයෙකි
එවකට චන්ද්‍රිකා රජය ගෙන ගිය දේශපාලන යුධ ප්‍රතිපත්තියට අනුව සිද්ධියට අදාලව පලමු කොට සෙබල පිරිසක් අත් අඩංගුවට ගැනුනේ හුදෙක් අදාල ප්‍රදේශයට ආසන්නව විමර්ශන මුරයක යෙදීසිටීම පමණක් හේතු කරගෙනය
සිද්ධියට අදාලව හමුදාවට එදිරිව ස්වේච්ඡාවෙන්ම නීති සහය ලබාදෙනු ලැබූයේ දෙමල ඩයස්පෝරාවේ අනුගේහයෙන් ක්‍රියාත්මක හියුමන් රයිට්ස් ගෲප් සංවිධානයයි.
2002 රනිල් වික්‍රම සිංහ පාලන සමයේ නීතිපති විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට පනවනු ලැබූ නඩුවට අදාල සාක්කි නිර්මාණය කිරීම රජයේ සහ ඩයස්පෝරා සහය ලබන හියුමන් රයිට්ස් ගෲප් සංවිධානය මගින් සිදු කෙරිණි
දේශපාලන ක්‍රියාදාමයට සමගාමීව වේගවත්ව ඉදිරියට ඇදුනු නඩුකටයුතු 2005න් පසු මන්දගාමී වූයේ අදාල දේශපාලන බලපෑම් කන්ඩායම් දුර්වල වීමත් සමගයි.
2005-2015 කාලය තුල නඩුව කැඳවනු ලැබ ඇත්තෙ 10 වතවක් පමණයි
එය නැවතත් වේගවත් වන්නේ 2015 යහපාලන රජය දෙමල අති බහුතරයක කැමැත්ත මත බලයට පත්වීමත් සමගය.
මෙම සිදුවීමට අදාල නඩු කටයුතු ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවූයේ දැඩි දේශපාලන මැදිහත්වීමක්ද සමගයි.
ස්වාභාවයෙන්ම ජාතිකත්ව විරෝධී ආකෘතියකට ගොඩ නැගී ඇති, නඩු තීන්දු සම්භන්ධයෙන් විනිසුරන් මන්ත්‍රීවරුන් සමග දුරකථනයෙන් හුරතල් වෙන ලාංකීය නීති ක්ශේත්‍රයේ බඩු තින්දු සාධාරණව ලබාදේය සිතීම පවා විහිලුවක්ය.සුනිල් රත්නායකව එල්ලුම් ගස් යවා අනුරාධපුර කඳවුරට පහර දී මිණීමරා මහත් විනාසයක් කල කොටියාට අවුරුද්දක් සිර දඬුවම් ලැබුණු හැටි ඔබ අසා ඇති.
ඒ නිසාම උසාවි තීන්දුවක් ලැබුණු පමණින් ඔහු අපරාධය කලායයි නිගමනය කල නොහැක.
සිදුවූයේ කැපවීමෙන් සේවය කල හමුදා සෙබලෙකු දේශපාලන තක්කඩිකම් වල ගොදුරක් බවට පත්වීමය.
ජාතිවාදී තස්ත්‍රවාදීන් කොතරම් විස්සෝප වුවද ත්‍රස්ත විරෝධී යුද්ධයට අදාලව සිරගත්වී සිටින සියලුම මිලිටරි සාමාජිකයන් ඉදිරියේදී නිදහස්වනු ඇති අතර එය අති බහුතරයක් වූ ලාංකීය ජනතාවගේ නොමද ප්‍රසාදයට හේතු වනු ඇත.
-පමිත ඉඳුවර