in

දුම්පානය හේතුවෙන් වසරකට මිලියන 8ක් මිය යනවාලු

smoking

දුම්පානය හේතුවෙන් ලෝකය තුළ මිලියන 08 කට වැඩි පිරිසක් වසරකට මියයන අතර , දුම්පානයෙන් ඉවත්වීමට ක්ෂණික පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුම්පානය හේතුවන සිදුවන මරණ අතරින් මිලියන 07 වැඩි පිරිසක් සෘජු ලෙස දුම්පානයට සම්බන්ධ පුද්ගලයන් වන අතර මිලියන 1.2 ට වැඩි පිරිසක් දුම්පානය නොකළද දුම්පානය කරනන් අසළ සිටීම හේතුවෙන් (අක්‍රීය දුම්පානය-දෙවැනිවරට දුමාරයට නිරාවරණය වීමෙන්) මිය යන්නන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

නිවේදනයන් නිකුත්තරමික් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇත.

බොහෝ ශ්වසන ආබාධ සඳහා දුම්පානය ප්‍රාධන සාධයක් බව හොඳින් හදුනාගෙන ඇති කරුණක් වන අතර එය ශ්වසන රෝගවල බරපතලකම වැඩිකිරීමටද හේතුවන බව හදුනාගෙන ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

දුම්පානය නොකරන පුද්ගලයින්ට සාපෙක්ෂව දුම්පානය කරන පුද්ගලයින්ට කෝවිඩි-19 සමග දරුණු රෝග ඇතිවීමේ හැකියාව බෙහෙවින් වැඩිබව , ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉල්ලීම මත ප්‍රාජා සෞඛ්‍ය විශේෂඥයින් විසින් පසුගිය මාසය තුළ සිදුකළ අධ්‍යනයකදී හෙළිවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පෘථිවියට ලඟින්ම පිහිටි කලු කුහරය සොයා ගනී

කොරෝනා වෛරසය වැළඳුනු ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව සුවය ලබයි