in , , , ,

දියණියගේ පරිගණකය විකුණා මත්පැන් බිව් පියා

daughter laptop

පහවසර ශිෂ්‍යත්ව විභාගයට මෙවර පෙනීසිටීමට නියමිත දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් භාවිත කළ පරිගණකය පියා විසින් මත්පැන් පානය සඳහා විකුණා තිබියදී ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත චන්ද්‍රලාල් මහතා මැදිහත්ව විනාඩි කිහිපයක් තුළදී නැවත දැරියට පරිගණකය ලබා දී තිබේ.

ස්ථානාධිපතිවරයා සිය නිල කාමරේ සිටියදී දුරකතනය නාද වන්නට වී ඇති අතර එයට ආමන්ත්‍රණය කළ ස්ථානාධිපතිවරයාට එහා කෙළවරින් අසන්නට ලැබී ඇත්තේ කුඩා දැරියකගේ කටහඬකි.

“පොලිස් අංකල්, අපේ තාත්තා මගේ පරිගණකය අරගෙන ගිහින්. කාට හරි විකුණලා අංකල්. හොඳටම බීගෙන ඇවිත් දැන් නිදාගෙන ඉන්නවා. අනේ අංකල් මට පරිගණකය හොයල දෙන්න.

හඬා වැටෙමින් දැරිවියක් එසේ ස්ථානාධිපතිවරයා අමතමින් පවසා ඇත.

එයට සාවධානව සවන්දුන් ස්ථානාධිපතිවරයා “දුවේ ඔයා අඬන්න එපා. මම කොහොම හරි ඒකම හොයල දෙන්නම්. මට ඔයා ඉන්න ගෙදර කොහෙද කියලා විතරක් කියන්න. මම මේ දැන් ඔයා ඉන්න ගෙදරට එනවා යැයි පවසා දැරියගෙන් ඇය පදිංචි නිවෙසේ ලිපිනය ඉල්ලා ගැනීමට පියවර ගත්තේය.

රාජකාරි කොතකුත් තිබුණ ද විනාඩි කීපයක් තුළදී ස්ථානාධිපතිවරයා තවත් පොලිස් නිලධාරියකු හා නිලධාරිනියක සමඟ දැරිය පදිංචි නිවෙස වෙත ගොස් තොරතුරු සොයා බැලීමේදී දැරියගේ මව විදේශගතව සිටින බවත් දැරිය මිත්තණිය භාරයේ පසුවන බවත් අනාවරණය කර ගැනීමට හැකි විය.

අනතුරුව දැරිය සිදු කළ පැමිණිල්ලකට අනුව නිවෙස තුළ ඒ වන විටත් නින්දේ පසුවූ දැරියගේ පියා කැඳවා පරිගණකය සම්බන්ධයෙන් විමසීමේදී එය පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් 3500ක මුදලකට විකුණූ බවට අනාවරණය වී තිබිණි.

ඒ අනුව ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් පිරිස එම නිවෙස සොයා ගොස් රුපියල් 3500ක මුදලකට මිල දී ගත් පරිගණකය සම්බන්ධයෙන් විමසා මින් ඉදිරියට අන්සතු දේපොළ මිල දී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් යම් පුද්ගලයකු ඉතාමත් අඩු මුදලට යම් දෙයක් විකිණීමේදී වඩා සැලකිලිමත් වන ලෙසත් අවවාද කරමින් පරිගණකය පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අනතුරුව එම දැරියගේ මිත්තණිය සහ පරිගණක විකුණූ බේබදු පියා ද පොලිසියට කැඳවූ ස්ථානාධිපතිවරයා දැරියගේ පියා අමතමින් දැඩි සේ අවවාද කර ඇති අතර නැවත මෙවැනි ක්‍රියා නොකරා මවට වැඳ පොරොන්දු වන ලෙසටද පවසා තිබේ.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

lanka premier league national anthem

LPL එකේ ජාතික ගීය වෙනස් විදිහකට කියූ උමාරියාට වුන දේ…බුකියත් කැළඹෙයි [VIDEO]

canada cigarette warning

සිගරට්වල අනතුරු ඇඟවීමේ සටහන් මුද්‍රණය වෙයි… කැනඩාව වැඩේ පටන් අරගෙන