in

දම්රෝ ඉන්දියාවේ තිරුපති වලත් ප්‍රදර්ශනාගාරයක් විවෘත කරයි ;ඉන්දියාවේ පමණක් ශාඛා 100 කට අධිකයි.

damro thirupathi

දම්රෝ ආයතනය ඉන්දියාවේ තිරුපති වල නවතම ශාඛාවක් විවෘත කර තිබේ.

දම්රෝ ආයතනය ඉන්දියාවේ පමණක් ප්‍රදර්ශනාගාර 100 ඉක්මවා ඇත.100 වෙනි ප්‍රදර්ශනාගාරය කල්කටා වල විවෘත කරන ලදී .

1986 කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් ඉගෙන ගත්ත “දමිත රාමනායක” මහතා ගේ නම සහ ඇගේ බිරිඳ “රෝහිණි” මැතිනියගේ නම එකතු කරලා තමයි “දම්රෝ” කියන නම හැදෙන්නේ..

මුලින්ම “ෆර්නිමික්ස්” කියන නමින් තමා නිෂ්පාදනය ආවේ.. මුලින්ම වානේ භාණ්ඩ නිෂ්පාදනය සහ අලෙවිය තමයි ඔය නමින් කරන් ආවේ..

පස්සේ දම්රෝ සමාගම නමින් ව්‍යාපාරය නැවත ආරම්භ කරනවා ඒ සේවක මන්ඩලය සමගම..

ඊට පස්සෙ “පියෙස්ට්‍රා/DAXER/INNOVEX කියන ජාත්‍යන්තර වෙලද නාම පවා හදුන්වා දෙනවා..

අවුරුදු 36කට පස්සෙ දැන් හොටෙල්/තේ වතු වගේ දේවල් සම්බන්ධ වෙලා සමූහ ව්‍යාපාරයක් බවට පත් වෙලා ජාත්‍යන්තර සමාගමක් වෙලා තියෙනවා ❤️

ලංකාවේ අපි හැමෝම දන්න Marino Beach Colombo , Damro Tea වගේ ව්‍යාපාර සිය ගනනන්ක් මෙම සමාගම සතුයි. 

දම්රෝ හි ප්‍රදර්ශනාගාර ශ්‍රී ලංකාවේ මෙන්ම රටවල් ගනනාවක තියෙනව. ඉන්දියාවේ පමණක් ශාඛා 100කට වඩා තියෙනව. ඒ වගේම  කර්මාන්තශාලා පවා තියෙනවා. පහතින් තියෙන්නේ පසුගිය දිනක DAMRO  ජාලයට එකතු උනු ඉන්දියාවේ තිරුපති හි විවෘත වූ අලුත්ම දම්රෝ ප්‍රදර්ශනාගාරයයි.  

විදේශ විනියමය් ගෙන එමින්, ශ්‍රි ලාංකේය සහ විදෙස් රැකියා දහස් ගනන් නිර්මාණය කල ව්‍යාපාරයක් ලෙසින්ද දම්රෝ හැදින්විය හැකිය. 

දම්රෝ ෆේස්බුක් පිටුව මෙතැනින්

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

අරගල අස්සෙ පාන් රුපියල් 200 යයි – ජූලි 14 කාටුන්

වික්ටර් රත්නායකට අවු 80 වයි ;බියර් වලින් උපන්දිනේ සැමරූ හැටි මෙන්න