තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් කංසා පැළ තොගයක් ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත බාර දී ඇත.
වලාන දූෂණ මර්දන ඒකකය විසින් පසුගිය දා හම්බෙගමුව පොලිස් බලප්‍රදේශයේ දී අක්කර දෙක හමාරක භූමි ප්‍රදේශයක ඉතා සරුවට වගා කර තිබු කංසා හේනක් වටලා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ අරමුණින් මෙවැනි වැටලීම් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව මෙම වැටලීම සිදුකර අත්අඩංගුවට ගත් කංසා පැළ දේශීය සෞඛ්‍ය වෙනුවෙන් භාවිතා කිරීමට ආයුර්වේද ඖෂධ සංස්ථාවට මෙලෙස බාර දී ඇත.
වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම ගංජා තොගය ආයුර්වේද ඖෂධ සංස්ථාව වෙත ලබා දී තිබේ.
එම අවස්ථාවට ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති, සාගලා අබේවික්‍රම මහත්මිය, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් එස්.කේ.පී.තරංග යන මහත්ම මහත්මීන් එක්විය.
මෙහිදී අදහස් දක්වමින් සභාපතිනිය පවසා සිටියේ, දේශීය වෛද්‍ය විද්‍යාවේ ඖෂධ නිපදවීමට ඉතා අත්‍යාවශ්‍ය ඖෂධයක් වන “කංසා“ වගා කළ නොහැකි දෙයක් බවය.
බොහෝ ඖෂධ වර්ග නිපදවීමට අධිකරණයක් මඟින් මුදාහරින ලද ‘කංසා‘ ප්‍රමාණය පමණක් මෙතෙක් කල් ලබා ගත් බවත් පැවසු සභාපතිනි, එය ඇතැම්විට ප්‍රමාණවත් නොවන බවද පැවසීය.
වැඩබලන පොලිස්පතිවරයා විසින් පසුගිය දිනක ලබා දුන් නියෝගයක් මත මෙවැනි වැටලීම් මඟින් සොයා ගත් කංසා පැළ ආයුර්වේද ලබා දෙන බවද ඇය වැඩිදුරටත් කියා සිටියේය.