in

ජයලත් මනෝරත්නයන් දිවි රඟමඩලෙන් සමු ගනී.

jayalath-manorathne-passed-away

ජයලත් මනෝරත්නයන්
දිවි රඟමඩලෙන් සමු ගනී.

ප්‍රවීණ නාට්‍යවේදියකු, රංගධරයකු වන ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද(12) අලුයම 1.30 ට  පමණ  බොරලැස්ගමුව අබේරත්න  මාවතේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.1948 දී උපන් ඔහු මිය යන විට  72 වැනි වියේ පසුවිය.දෙදරු පියෙක් වූ එතුමා කලක් රෝගාතුර වී සිටින ලදී.
තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, පුත්‍ර සමාගම, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදන කාර්යයෙන් දායක වූ මනෝරත්න මහතා වේදිකා නාට්‍ය, සිනමාපට සහ ටෙලිනාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වී රාජ්‍ය සම්මාන රැසක් හිමිකර ගෙන තිබේ.

ලාංකේය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් කළ ජයලත් මනෝරත්න මහතා විශිෂ්ට කලාකරුවෙකු ද විය.

දේහය පිළිබද අවසන් කටයුතු බදාදා(15)බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.මේ වනවිට දේහය  ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2020 ජනවාරි පෝදා සිට විපක්ෂ නායක කාර්යාලේදී හැම පෝයටම බණ

දූෂිත අධිකරණය,දේශපාලනය පිරිසිදු කරන්න “රංජන් කෝලම” ආශිර්වාදයක්-මැදගොඩ අභයතිස්ස හිමි