in

ගංජා තොග ලෙස අලෙවි කල අඹුසැමි යුවළක් මාට්ටු

ganga couple

මැදිරිගිරිය ප්‍රදේශයේ ගංජා තොග අලෙවි කළ අඹු සැමි යුවළක් අද (අගෝ .11) ගංජා ග්‍රෑම් 315ක් සහ රුපියල් 26, 000ක මුදලක් සමග මැදිරිගිරිය, බේබියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මැදිරිගිරිය පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතය.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මැදිරිගිරිය, නවනගරය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 49 සහ 55 හැවිරිදි දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

මෙම යුවළ කලක පටන් උත්සව භාණ්ඩ සැපයුම්කරුවන් ලෙස පෙනී සිටිමින්, කුඩා ලොරි රථයක් යොදාගෙන මැදිරිගිරිය ප්‍රදේශයේ නවනගරය, අඹගස්වැව, මීගස්වැව, දියසෙන්පුර, පල්ලියගොඩැල්ල, බේබියාව සහ වඩිගවැව ඇතුළු ප්‍රදේශවල ගංජා අලෙවි කර ඇති බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ආනාවරණය කරගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

අදාළ සැකකරුවන් මීට පෙර ද අවස්ථා ගණනකදී ගංජා සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

උතුරු මැද පළාත් ‍ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොළොන්නරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාශය භාර ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි මැදිරිගිරිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී එම්. ආර්. එම්. එන්. කුමාරසිරි මහතාගේ සහ මැදිරිගිරිය පොලිස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් බුද්ධි නිළධාරින් ඇතුළු පොලිස් කාණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට පත් ගංජා සහ සැකකරුවන් හෙට (12) හිඟුරක්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රියා – හිඟුරක්ගොඩ

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ෆේස්බුක් ෆොටෝ නිසා බොල්ගොඩ ගඟට පැන්න තරුණිය බේරන්න පැන්න ඥාති එක්දරු පියා මියයයි

අලුතින් පත්වූ කැබිනට් ,රාජ්‍ය ඇමතිවරු සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු මෙන්න