කොළඹ වරායට පැමිණිසුඛෝපභෝගී මගී නෞකා මෙන්න
පසුගිය සති කිහිපය තුළ කොළඹ වරායට සුඛෝපභෝගී මගී නෞකා කිහිපයක්ම පැමිණ තිබේ. සාමාන්‍යයෙන් වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී ලොව විවිධ රටවලින් දැවැන්ත
සුඛෝපභෝගී මගී නෞකා ගමන් අරඹන අතර සිය චාරිකාවන් හිදී ලොව විවිධ වරායන් හි නැංගුරම්ලෑමට ඔවුන් කටයුතු කරනු ඇත.
මේ අනුව පසුගිය දින කිහිපය තුළ මගී නෞකා ගණනාවක් කොළඹ වරායට පැමිණ තිබේ. Costa Fortuna, Marella Discovery, Sapphire Princess සහ Mein Schiff 6 ඒ අතුරින් කිහිපයකි.
1) මෙහිදී Costa Fortuna මගීන් 2,500 ක් සමඟින් ගමන් ඇරඹූ නෞකාවකි. නොවැම්බර් 08 දින ඉතාලියේ Genoa හිදී සිය චාරිකාව ආරම්භ කළ එය දෙසැම්බර් 10 දින සිය ගමනාන්තය වන සිංගප්පූරු වරායට සේන්දු වීමට නියමිත අතරවාරයේ දී නොවැම්බර්(2019) 25 දින කොළඹ වරායට සේන්දු වූ විය.


2) බර්මියුඩාවේ සිට ක්‍රියාත්මක Princess Cruises නෞකා සමාගමට අයත් Sapphire Princess මගී නෞකාව ඔක්තෝබර් 31 දින එංගලන්තයේ Southampton හිදී ගමන් අරඹන ලද්දේ 3,100 ක මගීන් සංඛ්‍යාවක් සමඟිනි. මෙය දෙසැම්බර් 02 දින කොළඹ වරායට පැමිණි අතර මීළඟට මැලේසියාවේ ක්වාලාලාම්පූර් දක්වා එය යාත්‍රා කරනු ඇත.

3) නොවැම්බර් 30 දින කොළඹ වරායට පැමිණි Marella Discovery නෞකාව දෙසැම්බර් 03 දින ඉන්දුනීසියාව වෙත ගමන් කිරීමට සූදානමින් සිටි නෞකාවකි. එය මඟීන් 1,500 කින් සමන්විත විය.

4) මේ අතර මගීන් 2,534 ක් සමඟින් Mein Schiff 6 නෞකාව නොවැම්බර් 21 දින කොළඹ වරායට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය නොවැම්බර් මාසයේ දී 176,984 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් 17,611 ක් පැමිණ ඇත්තේ මගී නෞකාවලිනි.