in

කොරෝනා හඳුනාගෙන අප්‍රේල් 9ට දින 100 යි ;ලොව පුරා මරණ 91,783 යි

coronavirus sri lanka

 නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් හඳුනාගෙන අප්‍රේල් 9 වෙනිදාට(ඊයේ) දින 100ක් ගතව තිබෙනවා.

එදින රාත්‍රී 10.45 වන විට එම දින 100 අවසානයේදී ලොව පුරා වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 91,783 ක්.

ආසාදිතයන්ගේ සංඛ්‍යාව දාහතර ලක්ෂ 47,412 ක් වූ අතර සුවපත් වූ ප්‍රමාණය ලෙස 344,467 ක්.

වැඩිම මරණ ප්‍රමාණය ඉතාලියෙන් දැක්වුණ අතර ,එය 18,279 ක්.

දෙවන,තුන්වන සහ හතරවන මරණ ප්‍රමාණ ලෙස

15,238 – ස්පාඥ්ඥ
10,869 – France
7,097 – United Kingdom

වාර්තා වුනා.

එම දින 100 අවසානයේ වාර්තා වූ ආසාදිතයින් වැඩිම ප්‍රමාණය ඇමරිකාවෙන් වාර්තා වූ අතර එය 363,851 ක් ,

ඊළඟට පිලිවෙලින් ,

152,446 – ස්පාඥ්ඥ
143,626 – ඉතාලිය
114,257 –  ජර්මනිය
83,080 – ප්‍රංශය

සුවපත් වූ ප්‍රමාණයන් රටවල් ලෙස වාර්තා වන්නේ පහත පරිදියි.

77,679 – චීනය
52,165 – ස්පාඥ්ඥ
46,300 – ජර්මනිය
32,309 – ඉරානය
28,470 – ඉතාලිය
24,790 – ඇමෙරිකාව

ලෝකයේ තත්වය එසේ වෙද්දී ලංකාවේ තත්වය වූයේ මරණ 7 ක් සහ ආසාදිතයින් 190 ක් ලෙසයි .49 දෙනෙකු සුවවී තිබුණි.

මේ අතර, සෞදි රජ පවුලේ 150ක පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අල්ජසීරා වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණා.ඔවුන්ට ප්‍රතිකාර කිරිම සඳහා ප්‍රභූ රෝහලක ඇඳන් 500ක් සූදානම් කර ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ලංකා ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 200 ඉක්මවා යයි

ඉංදියාවේ ඇඳිරි නීතිය කඩපු අයට පොලීසිය හාවා පනින්න කියූ හැටි [VIDEO]