in

කොරෝනා වලින් ලංකාවේදී මැරුනොත් අවසන් කටයුතු සිදුවන හැටි මෙන්න

 corona death

ලංකාවේ පළමු කොරෝනා මරණය 2020 march 28 සිදුවූ අතර නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුවන ආකාරය අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් ඉදිරිපත් කර ඇති පහත සටහනෙන් දැක්වේ.
* මැරුණු වහාම හැකි ඉක්මනින් ඉටි බෑගය(body bag) තුලට ශරීරිය දැමිය යුතුය.
*විෂබීජනාශක එම බෑගය තුලට දමන්න
* රෝහල් වාට්ටුවේදී හෝ මෝචරියේදී පවුලේ අයට මිය ගිය පුද්ගලයාගේ මුහුණ පමණක් දැක ගත හැකි අතර ශරීරය තිබිය යුත්තේ බෑගය තුලය.
*පවුලේ පිරිස් මුඛ ආවරණ පැළඳිය යුතුය.
*මුහුණ,ඉටි බෑගය ස්පර්ශ නොකළ යුතුය.
*අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වෙත ඉටි බෑගය බාරදිය යුත්තේ සීල් කිරීමෙන් පසුවයි.
*මළසිරුර එම්බාම් කිරීමට ඉඩ නොදේ.
*අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු විසින් මල සිරුර සහිත බෑගය මිනී පෙට්ටියට දමා එය සීල් කල යුතුය.
*නිවසේදී හෝ මෝචරියේදී ආගමික වතාවත් සඳහා ඉඩ දිය හැක.ඒ සඳහා පිරිස් එක් නොවිය යුතුය.අවමංගල්‍ය උත්සව වලට ඉඩ නොදේ.බොඩි එක පෙන්වීමටද ඉඩ නොදේ.
*භුමදානයට ඉඩ නොදෙන අතර ආදාහනය පමණක් සිදු කෙරේ.
*පැය 24 ක් ඇතුලත ආදාහනය සිදු කල යුතුය.
මෙම ක්‍රියාදාමයන් සියල්ල රෝගියා සමබන්ධ ප්‍රදේශයේ PHI/MOH ගේ අධීක්ෂණය යටතේ සිදුවේ.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඇඳිරි නීතියට සිංදු වලින් ? පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණට හැදුනු ෆේස්බුක් පෝස්ට් මෙන්න

දෙමළ ජාතික සන්ධානය සැරයන් සුනිල් රත්නායක විරුවාට නිදහස ලබා දීමට විරෝධය පල කරයි