කොරෝනා වලට බයෙන් චීනයේසිචුවාන් ප්‍රාන්තයේ සත්ත්ව
සංහාරයක්
නිලධාරීහු නිවාසවලට ගොස් සුරතල් සතුන් භාර දෙන ලෙස නියෝග කරති
කොරෝනා වෛරසය නිසා චීනයේ පෙන්ගන් ප්‍රදේශයේ බලධාරීහු සත්ත්ව සංහාරයක් දියත් කර ඇත.
මෙම වෛරසය සතුන්ට බෝවී නැතත් බළලුන් සහ සුනඛයන් මරාදමන ලෙස පෙන්ගන් ප්‍රදේශයේ ජනතාව වෙත උපදෙස් දී තිබේ. නැන්චොන්හි සත්ත්ව අවිහිංසා සංවිධානය පැවසුවේ බලධාරීන් යෙද වූ සේවකයන් විසින් මහමග සිටි සුනඛයන්ට පොලුවලින් ගසා මරාදමා ඇති බවයි. මේ හැර චීනයේ සිචුහුන් ප්‍රාන්තයේ නිලධාරීහු නිවසක් පාසා ගොස් නිවාසවල සිටින සුරතල් සතුන් භාරදෙන ලෙස ඉල්ලා ඇත. මෙම නිවාසවල සිටින සතුන්ට කොරෝනා වැළඳී නැත.
