මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික දිය රැගෙන ඒමේ මංගල්ලය ජුනි 2 දා සිදු වූවත් එහිදී කොරෝනා රෝගය සම්බන්ධයෙන් පනවා ඇති සියලුම නීති රීති උල්ලංඝණය වී තිබේ.
පොලිස් නිලධාරීන් පිරිසක්ද මේ ස්ථානයේ සේවයට යොදවා සිටි නමුත් ඔවුන්ගේ විධාන පිළිපැදීමට කෝවිලේ කුරුක්කල්වරු හා ජනතාව කිසිම උන්නදුවක් දක්වා නොමැත.
මේ දිය රැගෙන ඒමේ පුරාණ චාරිත්‍රය ඉටු කිරීමට ගිය අයගෙන් විශාල පිරිසක් මුඛ ආවරණ පැළදීමක් සිදු නොකල අතර පෙරහැරේදී දිය රැගෙන ඒමේදී හා පූජාවේදී කිසිදු අයෙකු මීටරයක දුර තබාගෙන ඒ කාර්යයන් වල නියැලී නොමැත.

මේ රැගෙන එන ලද මුහුදු ජලය උපයෝගී කරගෙන පහන් දැල්වීමට ඇති හැකියාව මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ ඇති සුවිශේෂිත්වයයි.
මේ නිසා එම කෝවිලේ වාර්ෂික මංගල්ලය ආරම්භ වන විට විශාල බැතිමතුන් පිරිසක් එම කෝවිලට රැස්වීමට නියමිතය.
වවුනියාව-රසාදි චතුරංගි ගමගේ