in

කොරෝනා නිසා හෝර්ටන් තැන්නේ කොටි පාරවල් වල සතුටින්

නව කොරෝනා වයිරසය හෙවත් Covid-19 පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් දෙස් විදෙස් සංචාරකයන් නොමැතිව ජනශූන්‍යව පවතින හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන් නිදැල්ලේ මාර්ගවල පවා ඇවිද යන අයුරු මේ දිනවල දැකිය හැක.

වනෝද්‍යානයයේදි දැකීමට අපහසුම සතෙකු ලෙස සැලකෙන ශ්‍රී ලංකාවට ආවේණික උප විශේෂයක් වන ශ්‍රී ලංකා කොටියා (Panthera Pardus Kotiya ) පවා මෙසේ මාර්ගවල නිදහසේ ඇවිදින අයුරු දැක ගත හැක.

කොටියන් දෙදෙනෙකු හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යායට පිවිසෙන මාර්ගයේ සැරි සරන අයුරු දැක ගන්නට දැක ගන්නට ලැබුණු අතර, ඔවුන් දෙදෙනා කිසිඳු බියක් සැකක් නොමැතිව මාර්ගයේ ඇවිද යමින් කාලය ගත කරනු අයුරුද දැක ගක හැකි විය.

වෙනදාමෙන් අධික ශබ්ද නගා ධාවනය වන සිය ගණනක රථ වාහන මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් පිරිස්වල විවිධ ශබ්දයන් නොමැතිවීම නිසා වෙනදාට දැකිය නොහැකි සතුන් පවා මෙසේ හෝර්ටන්තැන්නේ එළිමහන් ප්‍රදේශවල මේ දිනවල සිටිති.

හොර්ටන්තැන්න වනෝද්‍යානයේ ලකුණ ලෙස සැලකෙන ගෝනුන්ද විශාල වශයෙන් මේ දිනවල මාර්ගවල, පතන් බිම් හා තණ පිටිටනි තුල නිදැල්ලේ සැරිසරමින් සිටිති.

මසකට වඩා අධික කාලයක් පවතින දැඩි නිහඬතාවය හේතුවෙන් හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ ශාක හා සත්ත්ව ප්‍රජාවේ මෙන්න පරිසර පද්ධතියේ විවිධ වෙනස්කම් රැසක් සිදුව ඇති බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා කීය.

hortan plains tiger

-lankadeepa

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

කොරෝනා නීති නොතකා බංග්ලාදේශයේ 100,000ක් අවමගුලකට සහභාගි වෙලා

කොරෝනා චීනයෙන් ඉවත්වෙද්දී, චීනය නෙළුම් මලේ හැඩයෙන් “ලොව විශාලතම” පාපන්දු පිටිය සෑදීම ආරම්භ කරලා