කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා රටවල පැවත්වෙන උත්සව හා ප‍්‍රිය සම්භාෂණ සඳහා සීමිත පිරිසක් සහභාගි වියයුතු බවට නීතිරීති පනවා ඇති වකවානුවක මැලේසියාවේ මනාල යුවළක් විසින් කොරෝනා මර්දන නීති රීති අනුගමනය කරමින් දෙසැ 20දා අමුත්තන් 10,000 ක් වෙනස් ආකාරයකට සිය මංගල උත්සවය සඳහා සහභාගී කර ගෙන ඇත .මැලේසියාවේ හිටපු කැබිනට් ඇමතිවරයෙකු වන ටෙන්ග්කු ඇඞ්නන්ගේ පුත‍්‍රයා වන ටෙන්ග්කු මොහොමඞ් හෆිස් හා ඔහුගේ මනාලිය වන ඔශනේ අලගලා ගේ මංගල උත්සවයට මෙසේ අමුත්තන් 10,000ක ගේ සුබ පැතුම් මධ්‍යයේ අගනුවර වන ක්වාලාලම්පුර් නගරයට දකුණු දිගින් පිහිටි ‘පුට්රජයා’ නගරයේ පවත්වා ඇති අතර උත්සව ශාලාවට කොරෝනා මර්දන නීතිරීති අනුගමනය කරමින් ඍජුවම සහභාගී වී ඇත්තේ 20 දෙනකු වැනි සීමිත අමුත්තන් පිරිසකි.
එහෙත් උත්සවයෙන් අනතුරුව මනාල යුවළ ඔවුන්ට සුබ පැතීම සඳහා 10,000 ක පිරිසකට සිය මෝටර් රථවලින් පැමිණීමට අවස්ථාව සලසා ඇති අතර ඒ අනුව ‘පුට්රජයා’ නගරයේ පිහිටි දැවැන්ත රජයේ ගොඩනැඟිල්ලක් ඉදිරිපිට යුවළ අසුන් ගෙන සිටියදී අදාළ අමුත්තන් 10,000ක් දෙනා දුරස්ථභාවය රකිමින් සිය මෝටර් රථවලින් ඔවුන් පසු කරගෙන ගොස් ඇත්තේ නව මනාල යුවළට දැත් ඔසවා ආචාර කරමිනි, මෙම අමුත්තන් පිරිසට මනාල යුවළට ආචාර කරමින් එම ස්ථානය පසු කිරීම සඳහා පැය තුනක පමණ කාලයක් ගත වී තිබේ. සෑම අමුත්තෙකුම මනාල යුවළ පසු කර යන අවස්ථාවේදී සිය මෝටර් රථවල කවුළු විවෘත කර ඔවුනට ආචාර කරමින් ගමන් කර ඇත. මනාලයාගේ උපන්දිනයද යෙදී තිබී ඇත්තේ මංගල උත්සවය පැවති දිනයේ වීම විශේෂත්වයකි.Drive through (මෝටර් රථයේ සිට) සංකල්පය උපයෝගී කර ගනිමින් ලොව පැවැත් වූ පළමු විවාහය ලෙස මෙය ඉතිහාසගත වේ.
ඒමන්ති මාරඹේ
