in , ,

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව දිනයි

sri lanka west indies -colombo

කොදෙව්වන් පරදා සිංහ 
පොතකයින් ජය ලබයි 

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය(පෙබ.22) කඩුලු එකක තියුණු ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ
වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීම තීරණය කළා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 289ක් රැස් කළා. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 10ක් ලබා සිටියදී බිද වැටුණා. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ආරම්භක පිතිකරු ශායි හොප් ලකුණු 115 රැස් කළා. ඊට හතරේ පහර 10ක් ඇතුලත්. රොස්ටන් චේස් ලකුණු 41ක් සහ ඩැරන් බ්‍රාවෝ ලකුණු 39ක් ලබා ගත්තා. කීමෝ පෝල් නොදැවි ලකුණු 32 යි. පන්දුයැවිමේදී ඉසුරු උදාන ලකුණු 82කට කඩුලු 03ක් බිද හෙලුවා.
     ජයග්‍රහණය සදහා ලකුණු 290ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 09ක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසු කළා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක අගනා සබදතාවක් ගොඩනැගුවා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50යි. නායක  දිමුත් කරුණාරත්න ලකුණු 52ක් සහ කුසල් පෙරේරා 42ක් ලබාගත්තා.වනිඳු  හසරංග නොදැවී 42යි. පන්දු යැවිමේදී අල්සාරී ජෝසප් කඩුලු 03ක් බිද හෙලුවා.
සංචාරක කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ලබන බදාදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුරලිගේ සහෝදරයා පොහොට්ටුවෙන් නුවරඑළියට

ලංකාවෙ හදපු ඉලෙක්ට්‍රික් කාරය පාරට දාන්න අවසර නෑ