in

කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ඉවත් නොකළොත් පොලිසියටත් නඩු දානවා – හිටපු මන්ත්‍රී රවිහරන්

 kurundumalei

මුලතිව් අධිකරණයේ නියෝගය මත කුරුඳුමලේ විහාරයේ අනවසර ඉදිකිරීම් ජූලි මස 29 වැනිදාට පෙර ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා නොකළහොත් යළිත් නඩු පවරන අතර පොලිසියට එරෙහිව වෙනත් නඩුවක්ද ගොණු කරන බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එස්. රවිහරන් පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ඇතුළුව මුලතිව් වැසියන් විසින් ගොණු කරන ලද නඩුවල ප්‍රතිඵලයක් වශයෙන් අධිකරණ නියෝගයන් නොතකා ඉදිකළ අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස මුලතිව් අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව සියලු දෙනාම පිළිගත යුතු බවයි.

නමුත් දකුණේ බලවේගවල බලපෑම් මත මුලතිව් පොලිසිය එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට සූදානමක් නොමැති බව පෙනෙන්නට ඇති නිසා තවත් දින කීපයක් ඒ දෙස බලා සිට පොලිසියට එරෙහිවද නඩුවක් ගොණු කරන බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

දිනසේන රතුගමගේ
-divaina

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ජාතික ඉන්ධන අවසරපතට අළුත් මුහුණුවරක්

“මේ ජනාධිපති ඡන්දයෙදීත් මන්ත්‍රීවරු සල්ලිවලට විකිණුනා. – අනුර කුමාර (Full VIDEO)