මයික්‍රෝ චිපයක් සහිත විශේෂ ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුව’ එළිදැක්වීම පසුගියදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වයෙන් සිදුකර තිබේ.ඕස්ට්‍රේලියානු සමාගමක් මඟින් මෙය නිපදවා තිබේ.කෙසේ වෙතත් මීළඟ ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී මෙම පන්දුව පළමුවරට අත්හදා බැලීමට නියමිතය.
මෙම ස්මාර්ට් ක්‍රිකට් පන්දුව මඟින් එය යවන වේගය, පන්දු යවන්නා විසින් පන්දුව මුදාහල ස්ථානය (Release point), තණතිල්ල හැසිරෙන ආකාරය, පන්දුව තණතිල්ල මත පතිතවීමට පෙර වේගය, පන්දුව තණතිල්ල මත පතිතවීමෙන් පසු වේගය, පන්දුවේ දෝලනය සහ පන්දුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ක්‍ෂණිකව නිවැරැදි වාර්තා ලබාගැනීමේ හැකියාව පවතින අතර, මේ වනවිට භාවිත වන ක්‍රමවේදයට වඩා නිවැරදි දත්ත මෙම ස්මාර්ට් පන්දුවෙන් ලබාගත හැකි බවද එහි නිෂ්පාදකයෝ පවසති. එමෙන්ම වර්තමාන දඟ පන්දු යවන්නන්ගේ විප්ලවීය වෙනස්කම් ද මෙම පන්දුව මඟින් ක්‍ෂණිකව ග්‍රහණය කරනිමින් මින් පෙර නොවූ විරූ අයුරින් එම අවස්ථාවේදීම ලබාගැනීමේ හැකියාව පැවැතීමද මෙම පන්දුවේ තවත් සුවිශේෂී ලක්ෂණයකි.
කෙසේ වෙතත් මීට වසර 3කට පමණ පෙර මෙම පන්දුව අත්හදා බලා තිබුණද ඒ වනවිට එහි තිබූ තාක්ෂණික දෝෂද මේ වනවිට නිරාකරණය කර ඇති බවද මෙම පන්දුවේ නිෂ්පාදිත සමාගම පවසයි. ඒ අනුව පැයට කිලෝමීටර් 150කට අධික වේගයෙන් යවන පන්දුවකට පිතිකරුවෙක් වැරෙන් එල්ල කරන පහරක් වුවද අවශෝෂණය කරගනිමින් නිවැරදි දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව මෙම නව පන්දුව සතු බවද පැවැසේ.

මේ අතර ඉදිරියේදී විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ කටයුත්තේදී වඩාත් නිවැරදි තීරණ ලබාදීම සඳහා මෙම පන්දුව යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට අවශ්‍ය සැලසුම් සකස්කර ඇති බවද එම වාර්තාවන්වල වැඩිදුරටත් දැක්වේ.
ගමිත දෙහිපිටිය