බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා සේවිකාවකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වනවාපහරදීමට අදාළ දර්ශන අදාළ සේවිකාව විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණා.අදාල ඉංජිනේරුවරයාව මේ වනවිට වැඩ තහනමකටද ලක් කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ කථාබහකදී හෙළි විය.
පහරදීමට අදාළ දර්ශන අදාළ සේවිකාව විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැරීමෙන් පසු එය පැතිරගිය අතර ඇයගෙන් දුරකථනයක් දුරකථන අංකයක් ඉල්ලා මෙම පහරදීම සිදුකර ඇති බවත් එම අංකය සොයා දුන්නද තමන්ට දෝෂාරෝපණය කරන බවත් සේවිකාව සඳහන් කරයි.
අදාළ වීඩියෝවෙන් ඇය තවදුරටත් චෝදනා කරන්නේ එම නිලධාරියා තමන් නිතරම මානසික හිංසනයට ලක් කරන බවයි. අත්අඩංගුවට ගත් නිලධාරියා සම්බන්ධ පරීක්ෂණ සිදුවේ.
