in ,

ඉස්ලාම් සටන්කාමීන් කොංගෝවේ ගම්මාන දෙකකට පහර දීමෙන් 22 ක් මරුට

islamic-attack-congo

ඉස්ලාම් සටන්කාමීන් පහරදීකොංගෝවේ 22 ක් මරුට


ඉස්ලාම් සටන්කාමීන් කොංගෝ ජනරජයේ නැගෙනහිර පිහිටි ගම්මාන දෙකකට පහර දී පුද්ගලයන් 22දෙනෙකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

ඉරිදා(15) රාත්‍රියේ ගම්මානයට කඩාවැදුණු පිරිසක් මෙම ඝාතන කර ඇති බව පොලිසිය පවසයි.

බයෝබා සහ නටොම්බි ගම්මාන දෙකට මෙලෙස ප්‍රහාර එල්ල කර ඇති අතර මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් 13ක් ද සිටින බව සඳහන් වේ.

සිවිල් වැසියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීමට නොහැකිවීම සම්බන්ධව කොංගෝ හමුදාව හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව කෙරෙහි ජනතා විරෝධය එල්ල වී තිබේ.

ප්‍රදේශයේ පැතිර පවතින මාරාන්තික ඉබෝලා වසංගතය මර්ධනය කිරීම කෙරෙහි ද මෙම තත්ත්වය අහිතකර ලෙස බලපාන බව නිරීක්ෂකයෝ පවසති.

සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවේශ විය  නොහැකි අනාරක්ෂිත ප්‍රදේශ වල ඉබෝලා පැතිරීම වේගවත් වී ඇතැයි ද වාර්තා වේ.

රොයිටර්ස් 

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2019 ආසියානු විවාහක රූ රැජින කිරුළත් ශ්‍රී ලංකාවට [Photos] – Mrs.Asia

ITC Colombo One Tower එක ගැන සිංහලෙන්ම මෙන්න [පින්තූර සහිතයි]