ඉරාජ් වීරරත්න සංචාරක ප්‍රවර්ධනඅධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයට
සංගීතවේදී ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා.සංචාරක සංවර්ධන හා
ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අදාළ පත්කිරීම සිදු කර තිබෙනවා.
පසුගිය වසර කිහිපය තුල සමාජ මාධ්‍ය ඔස්සේ වඩාත් ප්‍රචලිත වූ ඔහු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්ද කැපී පෙනෙන දායකත්වයක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරුවා.
ඉරාජ් වීරරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්නගේ පුත්‍රයෙකි.ඔහු ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධකයෙකු ලෙස මෙහෙවරක් ඉටු කරනු ඇතිය යන්න අපේක්ෂාවෙන් වසරක කාලයක් සඳහා මෙම පත්වීම සිදු කර ඇති බවට පත්වීමේ ලිපියේ දැක්වේ.ඔහුගේ පත්වීමට අපද සුභ පතන්නෙමු.
