ඇමෙරිකාව – ද්විත්ව ඝාතකයාට
විදුලි පුටුවේ හිඳවා මරණ දඬුවම දෙයි
ද්විත්ව ඝාතනයක් සිදු කළ 56 හැවිරිදි ඇමෙරිකානු වැසියකුට ඇමරිකාව විසින් මරණ දඬුවම ලබාදී තිබේ.
මොහුට මරණ දඬුවම ලබාදෙන ලද්දේ විදුලි පුටුවක හිඳුවමිනි.ස්‌ටීවන් වෙස්‌ට් නැමැති මොහු 1986 දී 51 හැවිරිදි මවක(Romines) හා ඇගේ 15 හැවිරිදි දියණිය(Sheila)ව පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණි.දියණියව දූෂණය කොට 17 වතාවක් පිහියෙන් ඇන මරා දමා තිබුණි.එයින් 14 ක් වූ තැන් torture type cuts ලෙස හැඳින්විණි.දුවව මරා දැමීමට පෙර මවට 40 වතාවකට වැඩි ප්‍රමාණයක් පිහියෙන් ඇන ඇත.දෙදෙනාගේම අත් පිටුපසට කොට බැඳ දමා තිබිණ.2001 වසරේ මොහුට මරණ දඬුවම ලබාදීමට තීරණය වුවද මොහු අවස්‌ථා ගණනාවකදී අභියාචනා ඉදිරිපත් කිරීම නිසා එය කල් ගියේය.මොහුගේ මරණ දඬුවම ටෙනසී අධිකරණය මගින් ක්‍රියාත්මක කරන ලදී.
පසුගිය වසරේ(2019) අගෝස්තු හීදී මරණ දඬුවම නැවත ඇරඹීමත් සමග 5 දෙනෙකු මරණ දඬුවමට නියම වූ අතර විදුලි පුටුවෙන් මරණය කැඳවූ 3 වෙනියා ඔහුය.
https://bit.ly/2Z3rfjZ
