ඇමෙරිකාවේ පත්වූ වයස්ගතම ජනාධිපති ලෙස ජෝ බයිඩන් ඉතිහාසයට එක් වෙයි.ඔහුගේ වයස 77 ක්. ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 290 ක ජය හිමි කරගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් නොවැ 7 වෙනිදා සමත් විය.සුදු ජාතිකයින්ගේ වැඩිම ඡන්ද ප්‍රමාණය ඩොනල්ඩ් ට්‍රම්ප් හට හිමිවෙද්දී කළු ජාතිකයින්ගේ ඡන්ද හිමිවී තිබුනේ ජෝ බයිඩන් හටයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයට ලැබීමට නම් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 270 ක බලය තහවුරු කරගත යුතු ය.
හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 290 ක බලය හිමි කරගනිද්දි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිකරගැනීමට හැකිව ඇත්තේ ඡන්ද ගණ 214 ක් පමණි.
ඡන්ද ගණ (ඡන්ද සමූහ) ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වචනයෙන් හැඳින්වේ.
ඔහුගේ පෞද්ගලික ජීවිතය පිලිබඳ කෙටි හැඳින්වීම් වීඩියෝවක් මෙන්න
source :HiruNews
Discussion about this post