in , , ,

ඇමතිවරුන් බස්රථ වල ගමන් ගන්නා ප්‍රවාහන සේවයක් හැදෙන ලකුණු

minister bus service
ඇමතිවරුන් බස්රථ වල ගමන් ගන්නා ප්‍රවාහන සේවයක් හැදෙන ලකුණු 

රටේ ජනතාවට පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමෙන් රට දියුණු කල හැකි බවත් දිනකට කෝටි ගණනක් ඉන්දන නාස්ති වනවා සේම  විශාල ලෙස වටිනා කාලයක් වාහන වල ගත කරන්න සිදුව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  හම්බන්තොට දක්වා වූ දිගුව විවෘත කිරීමෙන් පසු හම්බන්තොට සිට  කොළඹ දක්වා ගමන්කරන මගීන්ගේ  පහසුව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලංගම බස් 16 ක් මගී ප්‍රවාහනය වෙනුවෙන් එක්කිරීම අද (25) දා පෙරවරුවේ සිදුකෙරුණු අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ තත්වය හදන්න ඕනනම් අපි පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුබව මෙන්ම ඉදිරියේදී අමාත්‍යවරුන් ද බස්රථවල ගමන්ගන්නා යුගයක් ඇති කල හැකි ප්‍රවාහන සේවයක්  සෑදිමට තමන්  කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට, තිස්සමහාරාම, තංගල්ල ඇතුළු බස්නවතුම් පොළවල් කීපයකින් මෙම බස් සේවාවන් අධිවේගී මාර්ගයේ ධාවනය  සදහා එක්කිරීම සිදු කෙරිණි මෙහිදි සිදු කෙරිණි.

-ada.lk

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සම්බා අනඟ රැඟුමින් 2020 රියෝ සැණකෙළිය සැරසුණු හැටි

අනුලා විද්‍යාලය විනාශ කරන්න අන්‍යාගමික පිරිසක් උත්සාහ දරනවා – විදුහල්පතිනි