in ,

ඇඳිරි නීතිය අස්සේ ‘අත්‍යවශ්‍ය ලේබලයෙන්’ නංගිගේ මඟුල් කාඩ් බෙදූ අයියා මාට්ටු

corona wedding cards

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා ලබා දෙන අවසර පත්‍රයක් මෝටර් රථයේ ගසා ගෙන සිය නැගණියගේ විවාහ උත්සවයකට මඟුල් කාඩ් බෙදමින් සිටි පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය විසින් අප්‍රේල් 5 දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා කුලී පදනම මත ලබා ගත් මෝටර් රියක අත්‍යාවශ්‍ය සේවා යන දැන්වීම සවි කර ගෙන අලවතුගොඩ පූජාපිටිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථය පොලිසිය පරීක්ෂා කර ඇති අතර එහි කිසිදු අත්‍යාවශ්‍ය සේවා භාණ්ඩයක් හෝ ඒවා ප්‍රවාහනය කරන බවට සලකුණක් හෝ නොමැති වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු සිය නැගණියගේ විවාහ උත්සවයට කාඩ් බෙදමින් සිටි බව හඳුනා ගැනීමට හැකිව තිබේ. ඒ සැකකරු අත්අඩංගුවට ගෙන මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උපාලි කරුණාවංශ මහතා සැකකරු අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කිරීමට පියවර ගත්තේය.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

coronavirus sri lanka

රස්නෙ වැඩියි කියා යට ඇඳුමින් කොරෝනා සේවයේ යෙදුනු හෙදිය [Photos]

මැරුණු කළුතර මාමා දවස් 32කින් ගෙදර ආපු හැටි ?