ආරුමුගම් තොන්ඩමන් මහතා මියගොස් තිබෙනවා.හෘදයාබාධයක් ඇතිවී නිවසේදී ඇද වැටීම හේතුවෙන් රෝහල් ගත කරන ලද අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මැයි 26 වනදා රාත්‍රියේ 9 ට පමණ අභාවප්‍රාප්තවී තිබෙනවා.තලංගම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදීත් ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.මියයනවිට වයස 55 ක් වූ ඔහුගේ 56 වන උපන්දිනය ලබන මැයි 29 ට යෙදී තිබුණි.
සෞම්‍ය මූර්ති අරුමුගන් රාමනාදන් තොන්ඩමන් (උපත 1964 මැයි 29) හෙවත් අරුමුගන් තොන්ඩමන් ලෙස නම භාවිත කළ ඔහු නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස 1994 සිට කටයුතු කළේය.
රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෘත්තීය සමිති නායක සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ මුනුබුරා වේ.
ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරය දැරූ අරුමුගන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රස් නායකයා වන අතර, ශ්‍රී ලංකාවේ ඉන්දියානු ද්‍රවිඩයන් වෙනුවෙන් පෙනී සිටින අයෙකි.
වරින්වර එජාපයේ හා ශ්‍රීලනිපය සම්බන්ධ සන්ධාන රජයන්ට සහාය පළ ක ඔහු පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට(ගෝඨාභය රාජපක්ෂ) සහාය දුන්නේය.
