
2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා.
ප්‍රංශ කණ්ඩායම හා ආර්ජන්ටිනා කණ්ඩායම අතර අද FIFA අවසන් මහා තරගය පැවැත්වුණා.
තරගයේ 23 වන මිනිත්තුවේදී ආජන්ටිනා කණ්ඩායම දඬුවම් පහරක් හිමිවීමෙන් පසු එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට Lionel Messi සමත් වූ අතර ඉන් පසුව තරගයේ 36 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කිරීමට Ángel Di María සමත් වුණා.

තරගයේ දෙවන අර්ධයේදී ප්‍රංශ කණ්ඩායමට හිමිවූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට Kylian Mbappé සමත් වුනා. යළිත් ප්‍රංශ කණ්ඩායම 81 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අතර එම ගෝලයද Kylian Mbappé ලබා ගත්තා.
ඒ අනුව කණ්ඩායම දෙකම ගෝල දෙක බැගින් ලබාගෙන ගෝල සම වීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට අමතර කාලයක් ලබාදීමට විනිසුරුවරුන් තීරණය කළා.
එහිදී ආජන්ටීනා කණ්ඩායම වෙනුවෙන් Lionel Messi තරගයේ 109 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අතර තරගයේ 118 වන මිනිත්තුවේදී ප්‍රංශ කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවූ අතර එහිදී Kylian Mbappé එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් වුණා.
තරගයේ අමතර කාලයේදී ද කණ්ඩායම් දෙකම ගෝල එක බැඟින් ලබාගෙන ගෝල 3-3 බැඟින් යළිත් කණ්ඩායම් දෙකම සම ගෝල ලබා ගැනීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීමට කණ්ඩායම් දෙකට දඬුවම් පහර ලබාදීමට තීරණ කළා.
එහිදී දඬුවම් පහර 4 ක් සාර්ථක කර ගනිමින් ප්‍රබල ආජන්ටීනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.