in

අළුතින් ඉපදෙන දරුවන්ට උප්පැන්න සහතිකය සමග ජාතික හැඳුනුම්පත් අංකයත්

උප්පැන්න සහතිකය

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයට , ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව එම තීරණය අද (2022 .08.01) දින සිට ආරම්භ කිරීමට නියමිතයි .

ආරම්භක අවස්ථාවේ නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර, හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

උප්පැන්න සහතික ලබා ගත සියලු පුරවැසියන්ට වයස අවුරුදු 15 එළඹීමෙන් පසු ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කරන ඉල්ලිමකදී අදාල අංකය අනුව ජාතික හැඳුනුම්පත ලබා ගත හැකි බවද සඳහන්.

child birth identitiy card
-liveat8

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථයේ විස්තර මෙන්න [Photos]

ශ්‍රී ලංකා පොලීසියට අතිනවීන ඩිජිටල් සන්නිවේදන උපකරණ