in ,

අවිවාහක පොලිස් කොස්තාපල් නෝනා තිදරු මවක සමඟ ඇරැඹු සබඳකම

lesbian

ලෝකයේ සාමාන්‍ය ස්වභාවය අනුව ගැහැණියක සහ පිරිමියෙකු අතර ආදර,ලිංගික සබඳකම් ඇතිවුවද ඊට වෙනස් ආකාරයේ සබඳතාද දක්නට ලැබේ.පිරිමි-පිරිමි සහ ගැහැණු -ගැහැණු අතර එවැනි සබඳකම් දැක්විය හැක.පිරිමි -පිරිමි අතර සබඳකම පවත්වන්නන් ඉංග්‍රීසියෙන් Gay(ගේ) ලෙස හඳුන්වයි.ගැහැණු -ගැහැණු අතර සබඳකම් පවත්වන්නන් Lesbian(ලෙස්බියන්)ලෙස හඳුන්වයි.

පොලිස් කොස්තාපල්වරියක හා තිදරු මවක එකම දිනයකදී අබිරහස් අන්දමින් අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මහනුවර මඩවල ප්‍රදේශයේ කුලී නිවෙසක සිටියදී දෙදෙනාම අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

සොයාගත් අවිවාහක තරුණිය හා විවාහක කාන්තාව භාරකරුවන් හමුවට පැමිණීමට අකැමැත්ත පළකිරීම නිසා පැමිණිල්ල අවසන් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

මුන්දලම පොලිසියේ සේවයේ නිරතවූ පොලිස් කොස්තාපල්වරිය පසුගිය ජනවාරි මස 31 වැනිදා සිට සේවයට වාර්තා නොකර අතුරුදන්වීම හා හොරොව්පොතාන ඕළුගස්කඩවල පදිංචිව සිටි තිදරු මවක හදිසියේම එදිනම අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී තිබේ.

කොස්තාපල්වරියක වූ සිය දියණිය අබිරහස් ලෙස අතුරුදන්වී ඇති බවත් ඇයට සිදුවූයේ කුමක්ද යන්න තහවුරු කරදෙන ලෙස කියමින් ඇගේ පියා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මිහින්තලය පොලිස් වසමේ පදිංචි මුන්දලම පොලිසියේ සේවයේ නිරත වූ 26 හැවිරිදි අවිවාහක කොස්තාපල්වරිය ජනවාරි මස 31දා සේවයට වාර්තා කිරීමට එහි ගියත් ඇය සේවයට වාර්තා නොකිරීම නිසා පරීක්ෂණ පවත්වා ඇති අතර හොරොව්පොතානේ පොලිස් වසමේ පදිංචි 36 හැවිරිදි තිදරු මවක් එදිනම අතුරුදන්වී ඇති බව කියමින් පැමිණිලි ලැබී තිබේ.

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා උතුරු මැද පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට උපදෙස් ලබාදී තිබෙනා අතර ඒ මහතා විසින් කොට්ඨාස භාර පොලිස් අධිකාරී කීර්ති ලංකා ගීගනගේ මහතාට ලබාදුන් උපදෙසින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණය අරඹා තිබේ.

දිගු කලක් සිදුකළ පරීක්ෂණවලදී පොලිස් කොස්තාපල්වරිය හා තිදරු මව මිහින්තලය පොලිස් වසමේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක මීට පෙර සේවය කර තිබෙන බවත් එහිදී ඔවුන් දෙදෙනා අසම්මත පෙම් සබඳතාවක් ඇතිකර ගෙන ඇති බවත් පොලිසිය තහවුරු කරගෙන තිබිණි.

සිදුකළ පරික්ෂණවලදී දෙදෙනා මහනුවර පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක සේවය කරනා බව තහවුරු කරගෙන ඔවුන් කුලී පදනම මත නැවතී සිටි මඩවලගම නිවෙසට ගොස් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කර තිබේ.

එහිදී තමන් දෙදෙනා අතර පෙම් සබඳතාවක් පවත්නා බවත් එය අතහැර මවුපියන් හමුවට යා නොහැකි බව කොස්තාපල්වරිය පොලිසියට පවසා තිබේ. තිදරු මවත් දරුවන් හා සැමියා හමුවට නැවත යෑමට නොහැකි බවත් ආදරයෙන් කල්ගත කරනා බැවින් තමන්ට පොලිස් කොස්තාපල්වරිය සමඟ ජීවත්විය යුතු බවත් පවසා තිබේ.

කාන්තාවගේ සැමියා ඇයට දරුවන් තිදෙනා පිළිබදව සිතා නිවෙසට පැමිණෙන ලෙස ඇවටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනා අතර පියා දියණියට නැවත නිවෙසට පැමිණෙනා ලෙස ඇවිටිලිකර ඇතත් ඇයත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව දෙදෙනාගේම ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය ඔවුන් දෙදෙනා මුදාහැර පැමිණිල්ල අවසන් කර තිබේ.

පොලිස් සේවයට අපකීර්තියක් ඇතිවන අන්දමින් සබඳතා පැවැත්වීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරිය වහාම පොලිස් සේවයෙන් නෙරපා දැමීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. අවිවාහක තරුණිය මේ ආකාරයට විවාහක පවුල් තුනක් පමණ අවුල්කර ඇති බවත් පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබිණි.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ උපදෙස් මත විමර්ශන ඒකක 01 ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස්. චන්ද්‍රසිරි, පොලිස් සැරයන් නිෂාන්ත (37058), පොලිස් කොස්තාපල්වරුන් වන රාජරත්න (66954), චතුරංග (12406), මධුසංඛ (29287) යන නිලධාරීන් පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාකර තිබේ.

-mawbima
https://bit.ly/2W6o4EM

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

child abuse in sri lanka

ලංකාවේ වසරකට ළමා අපයෝජන 10,000ක්

එවරස්ට් කන්දේ උස මීටරයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහින් [8,848.86 m]