in ,

අයිතිකරුවෙක් නැති කොටි දෙකහමාරක ගංජා හමුවෙයි

kerala-ganja

අයිතිකරුවෙක් නැතිකෝටි දෙකහමාරකගංජා තොගයක් හමුවෙයි

කිළිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ කැළයක සගවා තිබූ රුපියල් දෙකෝටි පණස් ලක්ෂයක් පමණ වටිනා අයිතිකරුවකු නොමැති කේරළ ගංජා කිලෝ ග්‍රෑම් පණහක තොගයක් 10 දා පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මෙම කේරළ ගංජා තොගය  කිලෝ දෙක බැගින් අඩංගු පාර්සල් 25 ක බහා පොහොර උර තුනක දමා තිබූ බව පොලිසිය සඳහන් කරයි.

කේරළ ගංජා තොගය රැගෙන එන ලද පිරිස ආරක්ෂක අංශ වලට කොටු වෙ යැයි යන බිය නිසා මේ කෙරළ ගංජා පාර්සල් කැළයේ සගවා තබන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක් මත සොයා ගන්නා ලද මෙම කේරළ ගංජා තොගය වැඩි දුර පරීක්ෂණ සදහා මාන්කුලම පොලීසිය වෙත රැගෙන විත් තිබේ.

මේ කේරළ ගංජා තොගයේ අයිතිකරුවන් සොයා ගැනීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයත් මාන්කුලම පොලීසියත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

කේරල-ගංජා

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සිරිපා වන්දනාවට ඇති සියලු මාර්ග 6 මෙන්න | All Sripada Route

ජනපති ගෝඨාභයගේ ඇමතිකම ගැන මංගල Twitter එකෙන් ප්‍රශ්න කරයි