in

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට න්‍යෂ්ටික බලය යොදා ගැනීමට අවධානය

 

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීමට මීට පෙර ලැබුනු අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව, න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 9 ක් පත්කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිතායතනය මගින් ලබාදී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බවයි අමාත්‍ය මණ්ඩල තීරණ වල දැක්වෙන්නේ.

ඒ අනුව ඉදිරි පියවර ගැනීම සඳහා න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශවකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගෙන ඇති අතර, එම සම්මුතීන්ගේ පාර්ශවකරුවෙකු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මළ හු–ක්නේ මේ ගෑණි | අධ්‍යාපන ඇමති සුසිල් මන්ත‍්‍රීනී රෝහිණීට පාර්ලිමේන්තුවේදී තිත්ත කුණුහරුපෙන් අමතලා – VIDEO

පෙබරවාරි මාසයේ සංචාරකයන් 107,639 ක් පැමිණෙයි