in , ,

අතගගා ඉන්නේ නැතිව වහාම මැතිවරණ දිනය නියම කරන්න – ලක්ෂ්මන් කිරිඇල්ල

 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුළු ලෝකයටම අපේ රටේ නීතිය උත්තරීතර බව පෙන්වා දී ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

දැන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මුදල් ලබා නොදීමට නොහැකි බවත්, අතගාමින් නොසිට මැතිවරණය පැවැත්වීමට දිනයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

තවදුරටත් සාකච්ඡා නොපවත්වා මැතිවරණය කොමිෂමේ අභිමතය පරිදි, ස්වාධීනත්වය භාවිතා කොට හැකි ඉක්මණින් මැතිවරණයක් පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන ලෙසත්, ආණ්ඩුවේ සැලැසුම් ක්‍රියාත්මක කිරීමට කල් ලබා නොදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උපයෝගී කරගෙන මැතිවරණය පැවැත්වීම සඳහා ඉක්මණ් දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

ජී.එල්. පීරිස් පොහොට්ටුවේ සභාපති ධුරයෙන් ඉවතට